(අංජුල මහික වීරරත්න)
නිවාස හා නාගරික සංවර්ධන අමාතංශයට අදාලව කැබිනට් අනුමැතිය හිමි වූ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉහළ පෙළේ කමිටුවක් පත් කළේය.
අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා අදාළ කමිටුවේ සභාපතිවරයායි. අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඇතුළු තවත් නිළධාරීන් 4 දෙනෙක් එහි සෙසු සාමාජිකයෝ වෙති.
සති දෙකකට වරක් රැස්වී කැබිනට් යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කර තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රමුඛ කමිටුවටට උපදෙස් දුන්නේය.
කැබිනට් පත්‍රිකා ප්‍රමාදයකින් තොරව ඉදිරිපත් කිරීමේ වගකීමද මෙම කමිටුවට පැවරෙන බව ඇමතිවරයා කිවේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතන විසින් ඉදිරිපත් කරනු ලැබු කැබිනට් මණ්ඩල පත්‍රිකාවල වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
2025 දෙසැම්බර් මස 04
272
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරන්න කමිටුවක්
Kazi Shajahan Sunday, 25 February 2024 04:08 PM
ප්‍රසන්න, ඡන්දෙට කළින් ගාණක් හොයාගන්න උත්සාහයක් දෙනවා වගේ, කොන්ත්‍රාත්තුවක් එයාගේ ගෝලයින්ට දීලා...
Athula Monday, 26 February 2024 02:57 PM
ඉක්මණට කේන්දරේ බලා ගන්න..