IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කැබිනට් මණ්ඩලය පත් කරන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අගමැතිවරයා  පත්කර කැබිනට් මණ්ඩලය වහාම  ස්ථාපනය කරන්නැයි  ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස පක්ෂ නායකයෝ  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද (11) ඉල්ලීමක්  කළහ.

මෙම රැස්වීම ආරක්ෂක හේතූන් මත ඊයේ පැවැත්වුණේ සූම්  තාක්ෂණය ඔස්සේය.

එම ඉල්ලීම තමන් ලිඛිතව බාරදෙන බවද පක්ෂ නායකයන් මෙහිදී සඳහන් කර  ඇත.

ඒ අනුව කතානායකවරයා එම ඉල්ලීම කිරීමට සියලු කටයුතු සූදානම් කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි  මාර්ගවලින් පැවසෙයි.

මේ අතර රටේ පවතින තත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සමස්ත ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නැයිද  පක්ෂ නායකයන් කතානායකවරයාගෙන් මෙම රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත.

මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව  සමගි ජන බලවේගය පක්ෂය බාරදී ඇති  විශ්වාසය කඩවීම පිළිබඳ යෝජනාව  ලබන සතියේ විවාදයට ගැනීමටද කතානායකවරයා මෙහිදී එකඟවී ඇතැයි  වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (12) උදේ  9.30ට  නැවත  හමුවීමටද   තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා රැස්වෙන බව කතානායකවරයා  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී  සඳහන් කර ඇත.

මේ  සූම්  රැස්වීමට  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,  රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්, රංජිත් මද්දුමබණ්ඩාර ,එම්.ඒ සුමන්දිරන්  ඇතුළු පක්ෂ නායකයෝ රැසක් සහභාගී වූහ.



අදහස් (3)

කැබිනට් මණ්ඩලය පත් කරන්න

de silva Wednesday, 11 May 2022 08:09 PM

විශ්වාස භංගයට ගෝඨාට පක්ෂව ඡන්දෙ දෙන අයට හොඳට කන්න පුළුවන්..

:       71       13

ගමේ එකාලා Wednesday, 11 May 2022 08:42 PM

හොඳ නාඩගම්කුත් බලන්න පුලුවන් වේවී...!

:       15       8

Gamiya Wednesday, 11 May 2022 09:12 PM

ඇමැතිවරුනි, සූම් තාක්ෂණය හරහා පත් කරන්න. ඊට පස්සේ ඔක්කොම දේවල් සූම් තාක්ෂණයෙන් කරන්න පුළුවන්..!

:       7       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site