
හිරාන් ප්‍රියංකර ජයසිංහ
ශ්‍රී ලංකාවේ සිට ගුවන් ඇරඹු තුර්කි ගුවන්යානයක් රෝදවල ඇතිවූ දෝෂයක් හේතුවෙන් නැවත ආරක්ෂිතව කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැස්ස වූ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි..
තුර්කි ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානය ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් හලාවත ඉහල අහසේ එහි පියාසර කරමින් ඉන්ධන ප්‍රමාණය අඩුකිරීම සදහා කටයුතු කළ බව ගුවන් හමුදා තොරතුරු වලින් පැවසෙයි.
අදාල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලේ සිට තුර්කී ස්ථාන්බුල් ගුවන් තොටුපල දක්වා ගමන් ආරම්භ කර සුළු වේලාවකින් එහි රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවිම හේතුවෙන් හලාවත ඉහල අහසේ ආරච්චිකට්ටුව,පල්ලම,බිංගිරිය ඇතුළු සිමාවල ගුවන් වට සියයකට ආසන්න ප්‍රමානයක් පියාසර කළේය.
තුර්කි ගුවන් සමාගමට අයත් ටී.කේ. 733 ගුවන් යානය බවත් එහි ගුවන් මගීන් 289 දෙනකු ගමන් කරමින් සිටි බවද කියයි.
කෙසේ වෙතත් ගුවන් යානයෙ ඉන්ධන අඩු කර කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට බෑමට කටයුතු කළ බවද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 16
61
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
855
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කාර්මික දෝෂයට ලක්වූ තුර්කි යානය කටුනායකට ගොඩ බස්සයි
sunil Wednesday, 17 December 2025 07:12 AM
ඉන්ධන බර අඩු කිරීමටත්, ගිනි ගැනීමක් වුවහොත් ගින්නේ විනාශය අඩු කිරීමටත් ඉහල අහසේ දී ඉන්ධන පුළුස්සන්න ඇති. වායුගෝලය කොතරම් දුෂණය වන්න ඇද්ද ?
වින්සන්ට් කජ්ජා Wednesday, 17 December 2025 08:04 AM
හැම දේකම වගේ ලිවීමේ දක්ෂතාවයත් ඒවා තිබියුතුම අයගෙන් වේගයෙන් නැතිවීගෙන යනවා. ක්‍රීඩකයෝ හරියට සෙල්ලම් කරන්න දන්නැහැ. දේශපාලකයන්ට රාජ්‍ය, ප්‍රාදේශීය පාලනය බැහැ. දීර්ඝ කාලීන කැපවීම, යමක් හරියට ඉගෙනගෙන පලපුරුද්ද ලබල, නිවැරදි භාවිතය ගැන හිතන්නේ නැහැ. මුදල් නැතුව ජීවත්වෙන්න බැහැ නමුත් මුදල් පමණක් මූලික වූ සමාජයක ඉරණම මේක තමයි.
Bunny Preena Wednesday, 17 December 2025 08:43 AM
කිසිම ආපදාවකින් තොරව ගුවන් යානය ගොඩ බැස්සවීමට හැකිවීම සතුටට කරුණක්.