
(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ලෝකයේ ප්‍රධාන සිනමා සම්මාන උළෙලක් වන කාන් අන්තර්ජාතික සිනමා උළෙලට සමගාමීව තිරගතකෙරෙන කලාත්මක චිත්‍රපට මාලාව අතරට ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජගේ 'බඹරු ඇවිත්'(The Wasps Are Here) චිත්‍රපටයද ඇතුළත් කර තිබේ.
ඇමෙරිකාව, ප්‍රංශය, රුසියාව, තායිලන්තය, චීනය, හංගේරියාව, පිලිපීනය, පෝලන්තය ඇතුළු ලෝකයේ විවිධ රටවල සිනමාපට 25ක් අතරට මෙම සිනමාපටයද තේරී ඇති බව එම සිනමා උළෙලෙහි නිල වෙබ් අඩවියේ දැක්වේ.
ඔක්තෝම්බර් 10 සිට 18 දක්වා කාලය තුළ ප්‍රංශයේ පැවැත්වෙන කාන් සිනමා උළෙහිදී මෙම කලාත්මක චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ. මෙම උළෙළේදී තිරගත කෙරෙනුයේ 4K තාක්ෂණය ඔස්සේ නවීන ප්‍රතිසංස්කරණය කළ සිනමාපටයක් ලෙසිනි.
ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළ බඹරු ඇවිත් චිත්‍රපටය ලංකාවේ තිරගත වූයේ 1978 අගෝස්තු 11 වැනිදාය.
මේ සඳහා විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විමල් කුමාර ද කොස්තා, අමරිසිරි කලංසූරිය, ඩබ්ලිව්. ජයසිරි, සිරිල් වික්‍රමගේ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වූහ.
1979දී ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපය, අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙම සිනමාපටය සම්මානයෙන් පිදුම්ලැබීය. 1978 මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද්දේද බඹරු ඇවිත් සිනමාපටයයි.
'උදුම්බරා හිනැහෙනවා', 'හඳුනාගත්තොත් ඔබ මා' වැනි ගීත බඹරු ඇවිත් සිනමාපටයේ ජනප්‍රිය ගීත වේ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මීට සංගීතයෙන් දායක වී ඇත.

COMMENTS
ඉතාම වැදගත් පිළිගැනීමක්... ජයවේවා..!!!
ඒ කාලේ මගේ සිනමා වීරයන් වූයේ.. ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, නිහාල්සිංහ වැනි රැඩිකල් අදහස් දැරූ අධ්‍යක්ෂවරු. නළු නිළියන් අතරිනුත්. සිරිල් වික්‍රමගේ, විජය කුමාරණතුංග, විමල් කුමාර ද කොස්තා, අමරසිරි කලන්සූරිය... ස්වර්ණා මල්ලවආරච්චි,.. වගේ අය. අදත් ඒ කිව්ව අයගේ රංග ප්‍රභාවට අභියෝග කරන්න හැකි අය බිහිවුණා නම් බිහිවී ඇත්තේ අතළොස්සක් පමණි. " බඹරු ඇවිත් " ගැන සුබ ආරංචියක් ආවත් ....ඒ සුබ ආරංචිය අහන්න වැඩියෙන්ම ආසාවෙන් හිටියා යැයි උපකල්පනය කරන්න පුළුවන් " පති " කාලය විසින් අද අපෙන් උදුරාගෙන ගිහින්. අද පති නැහැ.
කී වතාවක් බලන්න ඇද්ද? කොච්චර බැලුවත් එපා නොවන අමරණීය නිර්මාණ ...
ආදරණීය පතී, අද ඔබ නැති වුණත් ඔබ සදාකල් ජීවත්වීමට කළ දේවල් අපරමිතයි. මෙම පුවත මගේ දෑසට කඳුලක් එකතු කළා. ලෝකයම ඔබේ වටිනාකම දන්නවා. ඔබට සදාකාලික සැප.. !!!
සිංහල සංගීතයේ සංධිස්ථාන... මෙහි මියුරු ගීත...