IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


කාදිනල්තුමාගෙන් අනිත්‍ය කතාවක්



(සුජිත් හේවාජුලිගේ)

"පල්ලි ගොඩනැගිලි හදලා වැඩක් නැහැ. ඔක්කොටම කලින් අපි හැදෙන්න ඕන" යැයි   මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමෝ පැවසූහ.

මිනිසුන් එකතු කරන භෞතික දේවල් කිසිවක් අවසානයේ  රැගෙන නොයන බවද උන්වහන්සේ කීහ.

අගරදගුරුතුමා  මෙසේ පැවසුවේ කළුතර දොඩංගොඩදී අද   පැවති උත්සවයකදීය.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ  මෙසේද පැවසූහ.

පල්ලි හැදිලා වැඩක් නෑ ගොඩනැගිලි හදලා වැඩක් නෑ. ඔක්කොටම ඉස්සෙල්ලා අපි හැදෙන්න  ඕන. මේ ලෝකෙ කිසිම දෙයක් අපි අරගෙන යන්නේ නෑ.හදිසියේ එන්න පුළුවන් කැඳවීම. සේරම තියලා යන්න ඕන. ක්‍රිස්තු වර්ෂ 2150 වන විට මෙතන ඉන්න කිසිම කෙනෙක් ජීවතුන් අතර නෑ.

අද සමාජයේ තියෙන්නේ පරිභෝජනවාදය. සියලු දේ එකතු කරගන්නවා. සුපර් මාකට් ගිහිල්ල අනවශ්‍ය දේවලුත් අරන් ඇවිල්ලා ෆ්‍රීජ් එකේ දානවා. පස්සේ  ටික කාලයක් ගිහිල්ලා ඒවා විසි කරලා දානවා. සිංහල අවුරුද්ද නත්තලට එනකොට පෝලිමේ ගිහිල්ලා ඇඳුම් අරගෙන ඇවිල්ලා අල්මාරිවල දානවා. පාවිච්චි කරන්නේ නෑ. මේවා කරන්නේ පැෂන්  එකට.



  



අදහස් (2)

කාදිනල්තුමාගෙන් අනිත්‍ය කතාවක්

Kapila Sunday, 19 October 2025 05:13 PM

අතිඋතුම් කාදිනල්තුමනි. ඔබතුමාගේ ප්‍රකාශය මේ රටේ පන්සල් වලටත් අදාලයි. තරඟෙට වෙහෙර, විහාර, හදනවාට වඩා වියයුත්තේ මිනිසුන් හදන එක. සියලු දෙනාම මෙම ප්‍රකාශය පිළිපදිත්වා..

:       0       0

මහසෙන් Sunday, 19 October 2025 05:23 PM

පාස්කු ප්‍රහාරයත් අනිත්‍යයි. මහමොලකරුවත් අනිත්‍ය යි. එහෙම වෙන්න ඇති නේ ද දැන්...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1038 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1075 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 415 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site