IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ක්‍රීඩා දියුණුවට ඇමරිකාවේ සහය

(අංජුල මහික වීරරත්න)

ඇමරිකා තානාපතිනි ජූලි චංග් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්ම මහත්මීන් අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.  

දෙරට අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර, විශේෂයෙන් ක්‍රීඩා හා බැඳුණු සංචාරක කර්මාන්තයේ වර්ධනයට කළ හැකි මැදිහත් වීම පිළිබඳව මෙහි දී අවධානය යොමු විය. 

ශ්‍රී ලංකාවේ ඇමරිකා මාධ්‍යස්ථාන හරහා මෙරට තරුණ තරුණියන්ට ඉංග්‍රීසි සහ වෘත්තීය පුහුණුව ආදිය ලබා දීමට අවශ්‍ය කඳවුරු පැවැත්වීම සඳහා අවශ්‍ය සහය දැක්විය හැකි ආකාරය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි. 

රජය මෙරට ක්‍රීඩාවේ දියුණුවට සහ තරුණ කටයුතු වර්ධනය වෙනුවෙන් කරන මැදිහත් වීම අගය කළ තානාපතිවරිය, රටක් ලෙස ඒ සඳහා තවදුරටත් තම සහයෝගය දක්වන බවත්, මානසික සෞඛ්‍ය සහ වෘත්තීය පුහුණුව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙවර අයවැයේ දී අවදානය යොමු කිරීම පිළිබඳව  තමන් සතුටට පත් වන බවත් වැඩිදුරටත් පැවසුවාය.

මෙම හමුව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා  ද සහභාගී විය.



අදහස් (0)

ක්‍රීඩා දියුණුවට ඇමරිකාවේ සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site