(බී. ජී. චතුරංග)
මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඉකුත් 25 වැනිදා රාත්‍රි පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල කර මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කළැයි කියන සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර සාන්ත යෙනියා මාවතේ පදිංචිකරුවකු වන හිටපු යුද හමුදා ෙසබෙළකි.
වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ, ගල්කුලම සියඹලාගස්වැව ප්‍රදේශයේ " ක්‍රිකට් සුද්දා" නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.
ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'තම්මිට සුමිත් ' නැමැත්තා මෙම කුලී වෙඩික්කරු යොදා ගෙන තුවාලකරු ඝාතනය කිරීම සැලසුම් කර වෙඩි තැබීම කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ තැනැත්තා තම්මිට සුද්දා නමැති අයගේ හෙරොයින් මත්ද්‍රව්‍ය ඊෂි කෑෂ් ක්‍රමයට ස්ථානගත කර ඇති අයකු වන අතර මීට දින කීපයකට පෙර හෙරොයින් ග්‍රෑම් 600 ක් සමග පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම වෙඩි තැබීම කර ඇති බවට සැක කරන බවද පොලිසි සදහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ක්‍රිකට් සුද්දාට වෙඩි තිබ්බ හිටපු සෙබළා මාට්ටු