IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ක්ලබ් වසන්ත ඝාතකයන් යළි රිමාන්ඩ්

(බුද්ධික කුමාරසිරි)

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කල සිද්ධිය  සම්බන්ධයෙන් එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුලු සැකකරුවන් 10දෙනා අගෝස්තු මස 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්  චාණිමා විජේබන්ඩාර මහත්මිය අද (05) දින නියෝග කලාය

ඉකුත් නඩු දිනයේදී අධිකරණය මගින් දැනුම්දුන් පරිදි බස්නාහිර දකුන අපරාධ කොට්ඨාසයේ ස්තානාධිපතිවරයා අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා  ඇතුලු පොලිස් නිලධාරීන් අධිකරණයේ පෙනී සිටි අතර මෙතෙක් විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවේ අනාවරණය කරන ලදී

ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනාගේ මරණ පරීක්ෂණය පිළිබඳ සාක්ෂි සටහන් කිරීම එදිනට නියමිතව තිබුණු අතර සැකකරුවන් අතරින් නම වන  සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලදී

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිය නුවන් ජයවර්ධන මහතා බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් අතුරින් සැකකරුවන් කිහිප දෙනෙකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති බැවින්  එම සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී

එහිදී ඝාතනයට ලක් වූ වූ  සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තුවාල ලබා සිටින මැණික් විජේවර්ධන යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් ප්‍රසන්න විජේසිරි මහතා එයට විරෝධය පළ කරමින් විමර්ශන කටයුතු තවමත් අවසන් නොවන බවත් මෙම සැකකරුවන් දම්වැලක පුරුක් ආකාරයට එකකට එකක් මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බැවින්  එම ඉල්ලීමට විරෝධය පළ කරන ලදි

ඒ අනුව මහෙස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය



අදහස් (0)

ක්ලබ් වසන්ත ඝාතකයන් යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 220 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site