IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කළු පෙට්ටිය තවම නෑ

වසර පහළොවකට පෙර කොටි සංවිධානය විසින් මිසයිල ප්‍රහාරයකින් යාපනයේ ඉරණතිව් මුහුදු සීමාවේ දී වනසා දැමූ ඇන්ටනෝව් 24 ගුවන් යානයේ සුන්බුන් අතර තිබී මිනිස් ඇට කැබලි, ඇඳුම්, සෙරප්පු වැනි දේ, ‍දොස්තර නළාවක්, ර‍ත්තරන් දතක කොටසක් ඇතුළු දේ සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

යානයේ කළු පෙට්ටිය මෙතෙක් සොයාගෙන නැත. යානය පිපිරවූ මුහුදු කොටින් එය රැගෙන යන්නට ඇතැයි සැකයක් ද පවතී.

පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට අමතරව සිවිල් ගුවන් සේවා, පුරා විද්‍යා, රස පරීක්ෂක, අධිකරණ හා අධිකරණ වෛද්‍ය නිලධාරී, නීතිපති නිලධාරී හා දෙස් විදෙස් මාධ්‍යවේදීහු එහි ගොස් සිටිති.

කිමිදුම්කරුවන් අඩි තිහක් මුහුදු පතුලේ දී හඳුනාගන්නා කොටස් දොඹකර සහිත නැවකින් උඩට ගැනේ.

නොකැළඹුණු මුහුදට හොඳට ඉර අව්ව පයා තිබියදී මුලින්ම මේ කොටස් දුටු ධීවරයන් ඒ බව නාවික හමුදාවට දන්වා ඇත.

කොටස් ගොඩ ගැනීමේ ආරම්භය එය බව දැනගන්නට තිබේ.

(යානය ගොඩ ගැනීමට පෙර මුහුද යටදී ගත් ඡායාරූප)

 

 



අදහස් (0)

කළු පෙට්ටිය තවම නෑ

රෝහන Tuesday, 07 May 2013 09:53 AM

මොකද නාවික හමුදාවට මේවා පෙනුනේ නැත්තේ.(නදී)

:       0       0

රොහාන් Tuesday, 07 May 2013 09:53 AM

මොකද නාවික හමුදාවට මේවා පෙනුනේ නැත්තේ ? (ස)

:       0       0

හේමන්ත Thursday, 09 May 2013 08:02 AM

සොයන්නාට සමබ වේ (දී)

:       0       0

හර්ෂණ Thursday, 09 May 2013 08:02 AM

අපේම කරුමයක්ද කොහෙද (දී)

:       0       0

හේමන්ත Thursday, 09 May 2013 08:02 AM

කළු පෙට්ටිය සාමාන්‍යයෙන් විනාශ වෙන්නේ නැහැ (දී)

:       0       0

ශ්‍රියා Thursday, 09 May 2013 08:02 AM

දිරලාද දන්නේ නැහැ (දී)

:       0       0

හේමසාර Thursday, 09 May 2013 08:02 AM

ඒ කළු පෙට්ටිය කොටි ගන්න ඇති (දී)

:       0       0

වරුණ Tuesday, 07 May 2013 10:29 AM

යුද්ධයේ සාපයෙන් ජීවිතයෙන් වන්දි ගෙවුවෝ.. (ස)

:       0       0

දිලාන් දුබි Monday, 06 May 2013 06:28 AM

මරු.

:       0       0

සමන් Monday, 06 May 2013 08:32 AM

මාතලේ , වහලා ඉරණතිව් අරිනවා. අපි දැන් මාතලේ අමතක කරලා, ඉරණතිව් මුහුදට යමු. නියම ගමන.(නදී)

:       0       0

උපුල් Tuesday, 07 May 2013 11:34 AM

සමහරවිට ටින්කරින් කරලා ගන්න යනවද දන්නේ නැහැ. (ස)

:       0       0

චමිල Monday, 06 May 2013 02:55 PM

නාවික හමුදාවට දැනුම් දුන් ධීවරයින්ට ස්තුතිය.(ස)

:       0       0

ඩී. උපුල් Sunday, 05 May 2013 05:32 PM

විශිෂ්ඨ මෙහෙයුමක්. (ත)

:       0       0

රන්ගශනී Sunday, 05 May 2013 05:39 PM

ඕකේ සල්ලි තියෙනවාද බලන්න. (ත)

:       0       0

හේමන්ත Monday, 06 May 2013 11:01 AM

තිබ්බානම් ඔප්පු කරන්න තිබ්බා කොටින්ගේ රඟ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site