IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


කළු කුහර ගැන සොයන්න ඉන්දියාවෙන් රොබෝ යානයක්

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය හෙවත් ‘ඉස්රෝ’ නව වසරේ වැඩ අරඹමින්, විශ්වයේ කළු කුහර සහ නියුට්‍රෝන තරු අධ්‍යයනයට රොබෝ යානයක් යැවීය.

මීට පෙර, කළු කුහර ගවේෂණයට, රොබෝ යානයක් යවා තිබුණේ ඇමෙරිකාවේ නාසා ආයතනය පමණි. ඒ අනුව, ඉන්දියාවේ මෙම ගවේෂණ මෙහෙයුම ඉතා වැදගත් වෙයි.

ඉන්දීය විද්‍යාඥයන්, ඔවුන්ගේ මෙම නවතම රොබෝ ගවේෂණ යානය නම් කර තිබෙන්නේ, ‘එක්ස් රේ පෝලර් මීටර් ගවේෂණ චන්ද්‍රිකාව’ යනුවෙනි. කෙටියෙන් මෙම යානය හැඳින්වෙන්නේ ‘එක්ස්පෝසැට්’ යනුවෙන් යැයි ද පැවැසෙයි.

‘එක්ස්පෝසැට්’ රොබෝ යානය, උදෑසන 9.10 ට, ඉන්දියාවේ ශ්‍රී හරිකොත අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩු ගුවනට යැවීම සිදුවිය. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත ‘පී.එස්.එල්.වී. සී 58’ රොකට්ටුවේ ආධාරයෙනි. ‘එක්ස්පෝසැට්’ රොබෝ යානයේ මෙහෙයුම් කාලය අවුරුදු 5 කි.

විශ්වයේ ඇති ලොකුම අබිරහස ලෙස තාරකා විද්‍යාඥයන් හඳුන්වා දී ඇත්තේ කළු කුහරය. කළු කුහරයක් යනු, ආලෝකයට පවා පිටතට යෑමට නොහැකි ආකාරයට, ගුරුත්වාකර්ෂණය ප්‍රබල ස්ථානයකි. කළු කුහර වල ගුරුත්වාකර්ෂණය ඉතා ප්‍රබල වන්නේ, ඒවා තුළ ඇති පදාර්ථය කුඩා අවකාශයක සංකෝචනය වී ඇති බැවිනි. තරුවක් මිය ගිය පසු කළු කුහර නිර්මාණය වන බව විද්‍යාඥයන්ගේ අදහසය.

නියුට්‍රෝන තරු යනුවෙන් හැඳින්වෙන්නේ, ගුරුත්ව බලවේග විසින් දැඩිව සම්පීඩනයට පත් කරනු ලැබූ තරුවක, පරිණාම ක්‍රියාවලියේ අවසානයට පත් තරුවකි. ප්‍රමාණයෙන් කුඩා වුවත්, නියුට්‍රෝන තරු ස්කන්ධයෙන් විශාලය.

අභ්‍යවකාශ ගවේෂණයේ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වී සිටී. පසුගිය 2023 වසරේ ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ ඉන්දියාව සාර්ථකව සඳට රොබෝ රෝවර් යානයක් සහ ගවේෂණ යානයක් යැවීය. ඉන්පසු හිරු අධ්‍යයනයට ‘ආධිත්‍ය’ යනුවෙන් රොබෝ යානයක් අභ්‍යවකාශයේ ඈත රැඳවීම කළේය.

එම ජයග්‍රහණවලින් ලැබූ පන්නරයත් සමඟ කළු කුහර අධ්‍යයනයටත්, නියුට්‍රෝන තරු අධ්‍යයනයටත් ‘එක්ස් රේ පෝලර් මීටර් ගවේෂණ චන්ද්‍රිකාව’ යැවීමට සියලු කටයුතු සූදානම් කෙරුණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

කළු කුහර ගැන සොයන්න ඉන්දියාවෙන් රොබෝ යානයක්

Lalla Monday, 01 January 2024 03:06 PM

ඕක අපේ චිචීට කිව්වා නම් කරලා දෙනවානේ. තනියම රොකට් එකකුත් ඇරපු පොරනේ....!

:       0       1

Perera Monday, 01 January 2024 07:23 PM

කළු කුහර ගැන දන්නේ නැති දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 331 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 854 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1276 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site