(නිමල කොඩිතුවක්කු)
කොළඹ මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු අති බහුතරයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සහයෝගය පළ කරනු ලැබීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරීමටත් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමටත් එහිදී සහතික විය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දි විපක්ෂ නායකවරයා ගේ ප්‍රධානත්වයෙන් අද (10)මෙම හමුව පැවැත්විණ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජුබර් රහුමාන් සහ එස්. එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.