IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොළඹ වරාය පර්යන්තයේ තදබදය අවම කිරීමට සැලසුම්

(විමුක්ති එස් රුද්‍රිගු)

කොළඹ වාරය පර්යන්තයේ ගොඩ ගැසී ඇති බහාලුම් නිදහස් කර ගැනීමේදී මතුව ඇති අර්බුදකාරී තත්වය හමුවේ රටේ ආර්ථිකයට වාරයේ තදබදය හේතුවෙන් එල්ල වන බලපෑම අවම කිරීමට මෙරට ප්‍රධාන වෙළෙඳ, සමුද්‍රීය, සැපයුම් සංගම් සහ වාණිජ මණ්ඩල ඒකාබද්ධව ක්‍රියාකාරී සැලසුමක් යෝජනා කර ඇත.

ගොඩ ගැසී ඇති බහාලුම් ක්‍රමවත්ව නිදහස් කිරීම සඳහා ස්කෑනිං සහ පිරික්සුම් පද්ධති සති දෙකක් තුළ ඉක්මණින් කාර්යක්ෂමව ක්‍රියාත්මක විය යුතු බව ඒකාබද්ධ යෝජනාවලියේ දැක්වේ.  ස්කෑනිං සහ පිරික්සුම් ඒකකය ඒ සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විය යුතු බව එහි සඳහන් වේ.

ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය ඇතුළු මෙරට ප්‍රධාන වෙළෙඳ, සමුද්‍රීය, සැපයුම් සංගම් සහ වාණිජ මණ්ඩල 22 ක් එකතුව බහාලුම් තදබදය අවම කිරීම සඳහා මෙම ක්‍රියාකාරී සැලසුම යෝජනා කර ඇත.



අදහස් (0)

කොළඹ වරාය පර්යන්තයේ තදබදය අවම කිරීමට සැලසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site