IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොළඹ යැවූ රෝගියා ආපසු කැඳවයි

සෙම අමාරුවකට බෙහෙත් ගැනීමට ඇඹිලිපිටිය මුලික රෝහලට ඇතුළත් කළ රෝගියකු ගිලන් රථයකින් කොළඹට ගෙන යද්දී ඇඹිලිපිටියට  යළි කැඳවීම නිසා රෝගියා මියයාම සම්බන‍ධව විධිමත් පරීක‍ෂණයක් පවත්වන්නැයි ඔහුගේ බිරිය සෞඛ්‍ය බලධරයන්ගෙන් ඉල්ලයි.

  ඇඹිලිපිටිය  ගඟේයායේ   ආයුර්වේද වෛද්‍ය  එස්.පී. විජේවික්‍රම (57) නම් පියා එසේ මිය ගියේය.

සෙම වැඩිවීමේ රෝග තත්ත්වයක් නිසා ඔහු පසුගිය 23දා ඇඹිලිපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇත. රෝහලේදී ඔහු පරික‍ෂාකළ වෛද්‍යවරුන්   ඔහු  කොළඹ මහ රෝහලට මාරුකිරිමට නිර්දේශ කර ඇත. ඒ අනුව ගිලන් රියකින් ඔහු කොළඹට ගෙන යද්දි අතරමගදි යළි අමාරුවී කහවත්ත රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර දී තිබේ.

කොළඹට ගෙනයාමට  වෛද්‍යවරයෙකු ගිලන් රථයෙන් පැමිණ නැතිබවද ඥාතීහු කියති. කහවත්ත රෝහලෙන්ද වෛද්‍යවරයෙකු  ලබා නොදීම හේතුවෙන් රෝගියා ආපසු ඇඹිලිපිටිය මුලික රෝහලට ආපසු ගෙන එන්නැයි ඇඹිලිපිටිය මුලික රෝහලෙන් උපදෙස් ලැබී තිබේ.  ඒ අනුව රෝගියා නැවත ඇඹිලිපිටිය රෝහලට ගෙනගිය පසු මියගොස් ඇත. මෙම රෝගියාගේ මරණය ඇඹිලිපිටිය රෝහලේ   වැරදි උපදෙසක් නිසා සිදුවුවක් බවට ඥාතීහූ කියති. කහවත්තේ සිට ඇඹිලිපිටියට දුර ලිලෝමීටර 46කි.

තම සැමියාගේ මරණයට ඇඹිලිපිටිය රෝහල් බලධාරින් වගකිව යුතුයැයි සෞඛ්‍ය ඇමතිවරයාට, සබරගමු පළාත් සෞඛ්‍ය ඇමතිවරයාට, පලාත් සෞඛ්‍යසේවා අධ්‍යක‍ෂවරයාට සහ ඇඹිලිපිටිය රෝහලේ අධ්‍යක‍ෂවරයාටත් මියගිය වෛද්‍යවරයාගේ බිරියවූ ඩි.වී. මල්ලිකා මහත්මිය පැමිණිලි කිරීමට යයි.

  සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතාගෙන් දුරකතනයෙන් විමසුවිට ඒ මහතා පැවසුවේ ඒ සම්බන‍ධව විධිමත් පරීක‍ෂණයක් වහාම පවත්වන බවයි. තමන්ට සිද්ධිය සම්බන‍ධයෙන් 24දා සවස් වනතුරු නිසි තොරතුරු හෝ පැමිණිල්ලක් නොලද බවද  වෛද්‍ය   කන්නන්ගර මහතා කීවේය. රෝහල් කාර්ය මණ්ඩලයේ වැරදි උපදෙසක් මත මෙවැනි අවාසනාවන්ත සිදුවිමක් වුයේ නම් එය සමාව දිය නොහැකි වරදක් බවත්  පැමිණිල්ලක් ලැබුණ ද නොලැබුණද   වහාම සොයා බලන බවද පවසයි.



අදහස් (0)

කොළඹ යැවූ රෝගියා ආපසු කැඳවයි

විශ්ව Monday, 25 February 2013 12:14 AM

ඒ වැඩේ මාර වැඩක්නේ, මැරෙන්නත් කලින්ම ගෙන්නාගෙන (දී)

:       0       0

ලලිත්-දෝහා Monday, 25 February 2013 12:02 PM

දේශපාලන වැරදිකරුවෙක් වෙන්න ඇති. ඒකනේ පාපන්දුවක් වගේ එහෙට මෙහෙට ගැහෙන්නේ.(නදී)

:       0       0

නීලා Sunday, 24 February 2013 03:12 PM

මෙන්න තවත් රෝහල් මිනීමැරුමක්.(නදී)

:       0       0

සුභා Sunday, 24 February 2013 03:13 PM

මේ ලංකාවේ වෛද්‍ය සේවයේ දියුණුවද (දී)

:       0       0

මාලක Sunday, 24 February 2013 03:10 PM

ඇයි ඉතින් ආයුර්වේද අංශයේ අයෙක් බටහිර බෙහෙත් ගත්තේ? (නි)

:       0       0

නන්දන Sunday, 24 February 2013 03:11 PM

අද නැද්ද අපේ රෝහල් ලෝකයෙන්ම උතුම් කියලා කියන අය? (නි)

:       0       0

කාන්ති Monday, 25 February 2013 01:32 AM

ලංකාවට දැන් මේ මොකද වෙලා තියෙන්නේ (දී)

:       0       0

රත්න Sunday, 24 February 2013 03:18 PM

මේකත් ලෙඩාගෙ පිටින් යවයි. කවදද ලංකාවෙ රෝහල් කාර්ය මණ්ඩලයේ කෙනෙකුට වැරදුනේ? (නදී)

:       0       0

කුමුදු Monday, 25 February 2013 01:32 AM

විධිමත් පරීක්ෂණයක් තියන්න අවශ්‍යමයි (දී)

:       0       0

හේරත් Monday, 25 February 2013 01:32 AM

දැන් නම් රෝහලකට යන්නත් බයයි (දී)

:       0       0

දිසානායක Monday, 25 February 2013 01:32 AM

ලංකාවේ රෝහල් වල වෛද්‍යවරයාගේ සිට සුලු සේවකයා දක්වා පොඩ්ඩ වැරදුණොත් ඉතින් වැඩ වර්ජන තමයි. හැබැයි රෝගියෙකුට අසාධාරණයක් වුණොත්??? (නි)

:       0       0

සේනානායාක Sunday, 24 February 2013 03:31 PM

විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි (දී)

:       0       0

රසිකා Sunday, 24 February 2013 03:41 PM

පවු අහිංසක මිනිස්සු! (නි)

:       0       0

යොහාන් Sunday, 24 February 2013 04:12 PM

සමාව නොදුන්නොත් අර මාතර රෝහලේ විදියට නව ක්‍රමයට රෝගීන් බලන්න පටන ගනීවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අරුණ Sunday, 24 February 2013 07:49 PM

සෙමට බොන බෙහෙතක් වත් තිබුනේ නැද්ද.(නදී)

:       0       0

ඉලේපෙරුම Sunday, 24 February 2013 08:09 PM

දොස්තරලා ඇතුලු රෝහල් කාර්ය මණඩලවල නොසැලකිල්ල ගැන මේ රටේ කළ පැමිණිලි වලින් වැඩක් වුනේ කවද්ද? වෘත්තීය නොසැලකිල්ල ගැන මේ රටේ රෝහලක වැඩකරන අයෙකුට එරෙහිව කවදාවත් පියවරක් ගෙන නෑ. පවත්වනවාය කියන ඔය පරීක්ෂණත් අන්තිමට යට යනවා.(නදී)

:       0       0

දම්මි Sunday, 24 February 2013 11:13 PM

ඇයි ඉතින්, කොරෙක්ස් ඩී තහනම් කරලා නේ... (නි)

:       0       0

පාලිත Sunday, 24 February 2013 11:30 PM

වරද කාගේ වුණත් මේ රෝහලේත් අකුරටම වැඩ පටන් ගනීවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 24 February 2013 11:46 PM

අප සමාජයේ බොහෝ දෙනෙකු සෙම යන්නට විවිධ අර්ථකථන දෙයි. කැස්ස සහ ඒ සමග සෙම පිටවීම රෝගී ලක්ෂණයක් පමණි. එනිසා මෙම රෝගියාට ඇත්තෙන්ම තිබු රෝගී තත්වය නොදැන සිදුවුයේ කුමක් දැයි වටහාගැනීමට නොහැක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site