IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොළඹ මධ්‍යම බස් පොළ අලුත් වෙයි

(අංජුල මහික වීරරත්න)

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට යටතේ  කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ  වසරක් ඇතුළත නවීකරණයට කිරීමට රජය සැලසුම් කර තිබේ.

මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බස් නැවතුම්පළ 50ක් නවීකරණය කිරීමටද සැලසුම් කර ඇති අතර, මෙම වැඩසටහන සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමට නියමිතය.

මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ  වැඩපිළිවෙළ යටතේ ආපන ශාලාව, විවේකාගාරය, ප්‍රවේශපත් කවුළු, පරිපාලන ඒකකය, මෙහෙයුම් මැදිරිය සහ රියැදුරු නේවාසිකාගාරයද නවීකරණය කිරීමට සැලසුම් කර ඇත.

හෙක්ටයාර් 1.42ක භූමි ප්‍රමාණයකින් සමන්විත මධ්‍යම බස් නැවතුම්පළ 1964 වසරේදී ආරම්භ කර ඇති අතර, දෛනිකව බස් රථ 1500 – 2000ත් අතර ප්‍රමාණයක් ධාවන කටයුතු සිදු කෙරේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහත්වරු,ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (2)

කොළඹ මධ්‍යම බස් පොළ අලුත් වෙයි

Abandoned stone castle Tuesday, 24 June 2025 02:59 PM

පොදු දේපළ ගැන මහජනයාටත් වගකීමක් තියෙන්න ඕනි. ලංකාවේ බොහොමයක් බස් නැවතුම් වලට අඩිය තියන්න බෑ. බුලත් කෙළ ගහලා බිත්ති වලට පවා. රාත්‍රී කාලයට අදුරු මුල්ලක් දැක්ක ගමන් මුත්‍රා කරනවා. බැංකුවක් පුටුවක් තියන්න බෑ කඩලා බිදලා දානවා. විවිද ආකාරයේ අපද්‍රව්‍ය හැමතැනම දානවා. ඉදිරියේදී මේවගේ වැඩ කරන උන්ට දඩුවම් කරන්න ක්‍රමයක් අනිවාර්යෙන්ම සැකසිය යුතුයි. ඒ සදහා CCTV පද්දතියක් මගින් නියාමනය කිරීම කල හැකියි. රටක් දියුණු කිරීම කුමන හෝ පාලකයන්ට පමණක් කල නොහැකි. ආකල්පමය වශයෙන් දියුණු පරාර්ථකාමී ජනසමාජයක් අනිවාර්යෙන් ඇතිවිය යුතුයි.

:       0       40

Casmir Tuesday, 24 June 2025 04:37 PM

අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්, දැන් පිටකොටුව කියන්නේ තනිකරම අපායක් හැමතැනම කඩ, මිනිස්සුන්ට ඇවිදගෙන යන්න පාරක් නැහැ... හැමතැනම ඉටිරෙදි කඩ, මේ වගේ දේවල් ඇත්තටම ලැජ්ජාවක්, මේ රජය මේ ක්‍රමය වෙනස් කල යුතුමයි. අනිත් ලංකාවේ සාපය කොට කොට යන බස්, ත්‍රී වීලර්ස්, කිසිම විනයක් ඇත්තේම නැහැ.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site