
(අංජුල මහික වීරරත්න)
කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (KOICA) ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් තනුමැතිය ලැබී ඇත.
වරිපනම් බදු, බලපත්‍ර ගාස්තු, වෙළෙඳ බදු සහ මුද්දර ගාස්තු යන ප්‍රධාන ආදායම් ප්‍රභව 4 මඟින් කොළඹ මහ නගර සභාව ඉහළ ආදායමක් උත්පාදනය කරනු ලබයි.
එම ආදායම් ප්‍රභව 4 ස්වයංක්‍රීය කරණය කිරීමෙන් සමස්ත ආදායම් උත්පාදනය ඉහළ නංවා ගැනීම සඳහා කොළඹ මහ නගර සභාව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය වෙත සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.
ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 8.5 ක ආධාර මුදලක් ලබා දීමට කොරියානු ජාත්‍යන්තර යහයෝගිතා නියෝජිතායතනය එකඟතාව පළ කර තිබේ.
එකී එකඟතාව පිළිබඳව සම්මුතිය සඳහා නීතිපති අවසරය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංයේ හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ එකඟතාව ලබා ගෙන ඇත.
ඒ අනුව කොරියා ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය විසින් ලබා දෙන ආධාර උපයෝගී කර ගනිමින් කොළඹ මහ නගර සභාවේ ආදායම් ප්‍රභව ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන එකතාව පිළිබඳව සම්මුතියට එළඹීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ පුර සබේට ස්වයංක්‍රීය ආදායම් උපයන පද්ධතියක්
dds Tuesday, 29 April 2025 01:14 PM
පගා ගහන හිල් වැහුවොත් ආදායම සෑහෙන්න වැඩිකරගන්න හැකි වෙයි. පාර්කින් ටෙන්ඩර, ටිකට් ගාස්තු වගේ ආදායම එන මාර්ග වල වංචා වැහුවොත් තවත් වැඩිවෙයි.
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 29 April 2025 03:20 PM
ස්වයංක්‍රීය එකක් ඕනේ අපේ අගමැතිනියට !
ජිල්බු Tuesday, 29 April 2025 05:54 PM
ජයශාන්ත අයියගේ නෝනා මොකක්ද රෙකමන්ඩ් කරන්නේ?
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියාTuesday, 29 April 2025 07:24 PM
ජිල්බුගේ අම්මා පාවිච්චි කරපු එක...!
ජිල්බු Tuesday, 29 April 2025 08:13 PM
සජිත්ට කලින් ඉඳන්ම එබිකම් කරලා පුරුදුයි වගේ. අරගෙනවත් හදාගන්න.
NPP Tuesday, 29 April 2025 05:43 PM
වෙනස සැපද?...