
(යොහාන් භාසුර)
කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය.
මෙවර පෙරහැර වෙනත් වසරවල පෙරහැරට වඩා වර්ණවත් සහ ජවසම්පන්න පෙරහැරක් බවට පත්වූ අතර ගංගාරාම විහාරස්ථානය සහ අවට මාර්ග අතුරුසිඳුරු නොමැතිව වැසීයන ආකාරයට ජනතාවගෙන් පිරී තිබුණි.
කැලණිය රජමහා විහාරයේ ‘කණ්ඩුල’ හස්තිරාජයා සධාතුක කරඬුව වඩම්මවාගෙන යෑමේ වාසනාව උදාකරගෙන සිටි අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා හස්තිරාජයා පිට සධාතුක කරඬුව තැන්පත් කළේය.
මෙවර පෙරහැරට ඉතිහාසයේ පළමු වරට තායිලන්ත නර්ථනයක් ඇතුළත්ව තිබූ අතර එම නර්තනය බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වූහ. ඊට අමතරව මුස්ලිම් සංස්කෘතිය නැටුමක් සහ උතුරේ සංස්කෘතිය විදහා දක්වන යාපනයේ ප්‍රදේශ නර්ථන කණ්ඩායම් දෙකක් ද පෙරහැර වර්ණවත් කළේය.
මෙවර පෙරහැරේ අලි ඇතුන් 15 කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කළහ. කස, ගිනිබෝල, විවිධ සම්ප්‍රදායන්ට අයත් නර්ථන අංග ඇතුළු අංග 50 කට අධික සංඛ්‍යාවක් මෙවර පෙරහැරට ඇතුළත්ව තිබුණි.
ඡායාරූප : ගයාන් අමරසේකර


2025 නොවැම්බර් මස 04
845
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2488
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1785
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘කොළඹ නවම් මහා පෙරහැර’ වීදි සංචාරය කෙරේ