IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොළඹ - නිට්ටඹුව බස් වර්ජනයක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

නිට්ටඹුව සිට කොළඹ ධාවනය වන මාර්ග අංක 180 පුද්ගලික බස් රථ 30 ක් පමණ අද 17 අලුයම සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මෙම වැඩවර්ජනයට හේතු වී ඇත්තේ ඉකුත් 16 දින  මිරිස්වත්ත හන්දියේදි ත්‍රිරෝද රථ රියදුරකු නිට්ටඹුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුට පහර දී මේ සිද්ධියකි.

මේ පහර දීම සම්බන්ධව යක්කල පොලිස්ථානයට පැමිණිලි කර ඇතත් මේ දක්වා සාධාරණයක් සිදු නොවිම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව පුද්ගලික බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරු සඳහන් කළහ .

 



අදහස් (9)

කොළඹ - නිට්ටඹුව බස් වර්ජනයක්

Hasith Friday, 17 January 2025 09:55 AM

පහර දුන්නේ ත්‍රී රෝද රියදුරෙක් නම්, බස් වර්ජනය කලාම හරියනවද ? පාඩුව කාටද? අනේ මෙහෙම මාරි මෝඩ තක්කඩි

:       0       47

RS Friday, 17 January 2025 10:02 AM

සාධාරනීකරනය මම දන්නෙ නෑ, ප්‍රයිවට් බස් කොන්දොස්තර පොලිස්පතිත් වඩා බලතල තියනවා වගේ තමායි පාරේ හැසිරෙන්නේ . එනිසා ගහන්න ඕනෑ තමයි

:       0       47

Rata Perata Friday, 17 January 2025 10:43 AM

මේ ගොන් ආතල් දැන්වත් නවත්වන්න. රටේ බොහෝමයක් මිනිසුන් දැන් ඔය බාල සංකල්ප වලින් එළියට ඇවිත් ඉන්නේ.

:       0       11

Lalla Friday, 17 January 2025 10:49 AM

සාධාරණය ඉෂ්ට වීය යුතු මගීන්ට..180 සහ 200 බස් මාර්ග දෙක භාවිතා කරන්නන්ට. කන් අඩි පැලෙන්න බස් සිංදු. හන්දිවල හෝල්ට් ගානේ නවත්තාගෙන කෑලි ඇහිඳීම. ගමනට පැය දෙකකට ආසන්න කාලය කෑම. හවස හත වෙනකොට බස් නෑ. ගමනාගමන කොමිසම ජරාව කාලා කියලා තේරෙනවා නොවේද?

:       0       17

Mahinda Friday, 17 January 2025 10:58 AM

ගැමුණු මාෆියාවට අවශ්‍ය ආකාරයට රටේ නීතිය ක්‍රියාත්මක කීරීමට නම් අනික් පුරවැසියන්ගේ නීතිය කෙසේ වේවිද? ඒ වගේම ඔවුන් අධිකරණ ක්‍රියාවලියත් අවසන් කරලා. මොනම ආකාරයකටවත් මගී ජනයා අසීරුතාවයට හා ප්‍රාණ ඇපයට ගන්නා මෙවන් අවිනීත ක්‍රියා අවසන් කළ යුතුමයි.

:       0       18

sakra Friday, 17 January 2025 12:14 PM

මේකට ස්ථිර විසඳුමක් දෙන්න නම් කලයුත්තේ දුරගමන් සේවා සඳහා සහ කෙටිදුර සඳහා වෙන් වෙන් වශයෙන්වූ බස් සමාගම් කිහිපයක් පිහිටුවා ඒ ඒ සමාගම් වලට තම තමන් සේවා සැපයිය යුතු මාර්ග හා අදාල කාලසටහන් ලබාදීමයි . කරන්න අවශ්‍යනම් මෙවැන්නක් මාස 6 ක් වැනි කාලයක් තුල කල හැකියි . නමුත් අවාසනාවට පාලකයින්ට එවැනි උවමනාවක් ඇති බවක් පෙනෙන්නේ නැහැ . එනිසා තව වසර 100ක් ගියත් මේ තොරොම්බල් කරත්ත හා චන්ඩි රියදුරන් හා කොන්දොස්තර වරුන් මේ රටේ දකින්න හැකි වේවි .

:       0       11

vernonFriday, 17 January 2025 01:12 PM

මෙතැන වර්ජනය කරන්නේ පොලිසිය පියවර නොගත්තා කියලා, එහෙම නැතුව බස් සමාගම්ද, කේවල හිමියන්ද කියලා නෙවෙයි. තනි හිමියකු බස් දුවනවා නම්, එයාට වියදම අඩුයි, ඒත් සමාගමක් විදිහට කාර්යාල හදලා, ගිණුම් තියලා, තව කාර්යාල සේවක පඩි නඩිත් එකතු වුණාම බස් ගාස්තුව මොකද වෙන්නේ...?

:       2       3

Shamal Friday, 17 January 2025 03:39 PM

මම සක්‍රාෙග් අදහසට එකඟ වෙමි..

:       1       3

Lakmal Friday, 17 January 2025 04:58 PM

තනි අයිතිකරුවන් නොව බස් සමාගම් වලට ටෙන්ඩර් පටිපාටියකට අනුව සේවය සැපයීම බාර දෙන්න. බස් මුදලාලිලාට ඕනෑ විදියට සේවය සැපයීම අතිශය ප්‍රාථමිකයි...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site