IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කොළඹ නගර සභා මංගල රැස්වීමට බාල්දියක්

(යොහාන් භාසුර)

කොළඹ මහ නගර සභාවේ දැන් පැවැත්වෙන මංගල මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය නීත්‍යානුකූල නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වාදීමෙන් පසුව එම රැස්වීම විනාඩි 10 කට කල්තැබීමටට නගරාධිපතිනි වුායි කැලි බල්තසාර් මහත්මිය මීට සුළු මොහොතකට පියවර පියවර ගත්තාය.

මහ නගර සභා අඥා පනතට අනුව මහා සභා රැස්වීමේ න්‍යායාය පත්‍රය දින 4කට පෙර සභිකයන් යොමු කළ යුතු වුවද මෙම මහ සභා රැස්වීමේ න්‍යාය පත්‍රය රැස්වීම ආරම්භ වීමට සුළු මොහොතකට පෙර සභිකයන් වෙත ලැබුණු බව සමග ජන බලවේගයේ නාගරිකක මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා විරෝධය දැක්වීය.

එය වැරැද්දක්ද නොවේද යන්න පිළිබඳව බෝගාවත්ත මහතා නගරාධිපතිවරියගෙන් සහ කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගෙන් විවෘත සභාවේදී විමසා සිටියේය.

ඒ අනුව නගරාධිපතිනිය සහ නාගරික කොමසාරිස්වරයා එය වැරැද්දක් බවත් මින් ඉදිරියට එවැනි වැරැද්දක් නොවීමට වගබලා ගන්නා බවත් විවෘත සභාවේදී ප්‍රකාශ කළහ.

ඉන්පසුව නැගී සිටි සමග ජන බලවේගයේ නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර සිල්වා මහතා මෙවැනි නීති විරෝධී න්‍යාය පත්‍රයකට අනුව ස්ථාවර කාරක සභා පත්කළ හොත් එම කමිටි නීති විරෝධී ඒවා වන බවත් ප්‍රකාශ කළේය.

ඒ අනුව සභාව කල්තබා වෙනත් දිනයක සභාව කැඳවන ලෙස මහේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් යෝජනා කළේය.

ඒ අනුව නැගී සිටි උප නාගරාධිපති හේමන්ත කුමාර මහතා පැවසුවේ සභාව විනාඩි දහයක් හෝ පහළොවක් කල් තබා නැවත ආරම්භ කළ හැකි බවයි.

එම යෝජනාව අනුව ක්‍රියාත්මක වූ නගරාධිපතිනි කැලී බල්තසාර් මහත්මිය සභාව විනාඩි දහයක් කල් තබන බව පවසා පිටව ගියාය.

 



අදහස් (2)

කොළඹ නගර සභා මංගල රැස්වීමට බාල්දියක්

Bunny Preena Thursday, 26 June 2025 03:45 PM

අඳුරේ අත පත ගාන්නේ නැතිව දන්න කියන අය ගැන අහලා වැඩ කරන්න පුරුදු වෙන්න . නොදන්නා කම ලැජ්ජාවට කරුණක් නොවෙයි

:       4       10

අරවින්ද මොණරවිල Thursday, 26 June 2025 05:14 PM

නාගරික කොමසාරිස්වරයා බම්බු ගැහුවාද, එයා ඉන්නේ අවශ්‍ය උපදෙස් දෙන්න. ඒ නිසා මුලින්ම කරන්න ඕනෑ එයාට විරුද්ධ විනය පරීක්ෂණයක් තියන්න ඕනෑ.

:       2       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 278 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site