IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කොළඹ නගර සභාවේ මන්ත්‍රී දීමනාව 20,000 කින් ඉහළට

(රංජන් කස්තුරි)

කොළඹ මහනගර සභාවේ අද (24) පැවැති මාසික රැස්වීමේදී ගාලගෝට්ටි හා බාධා කිරීම් මැද මන්ත්‍රී දීමනාව රුපියල් 20,000 න් ඉහළ නැංවීමේ යෝජනාව සම්මත කෙරිණි.

නගරාධිපති රෝසි සේනානායක මහත්මිය ඉදිරිපත් කළ එම යෝජනාව සම්මත වූ පසු කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුගේ සියලු දීමනා රුපියල් 34,000 සිට 54,000 දක්වා ඉහළ යයි.



අදහස් (22)

කොළඹ නගර සභාවේ මන්ත්‍රී දීමනාව 20,000 කින් ඉහළට

SL Friday, 24 August 2018 05:48 PM

හැන්ද ඇති අය බෙදා ගන්නවා. ජනතාවට කරන දෙයක් නැහැ. හැබැයි ජනතාවත් මාරුවෙන් මාරුවට කතිරේ ගහනවා.

:       0       9

කරුණාපාල Friday, 24 August 2018 06:54 PM

අහන්නත් සන්තෝෂයි. මොනවා වැඩි කර ගත්තත් කමක් නැහැ. කටු සූප්පන කුක්කන්ට වෙලාවට කටු ටික දමන්න.

:       0       4

sanath Friday, 24 August 2018 08:03 PM

කොමිස් ගහන, කප්පන් ගන්න, කාමර විකුණන මැම්බර්ලාට නම් මේක තේ කෝප්පයක් විතරවත් වටින්නේ නැහැ. නමුත් වෙන කිසිම අාදායමක් නැති අය‍ට මේක රත්රන් වගෙයි.

:       0       5

prabha Friday, 24 August 2018 08:28 PM

ජය වේවා !!! අපේ නගරාධිපතිතුමියට

:       1       1

Ratnamalala Friday, 24 August 2018 11:45 PM

මොන මොන සෙල්ලම් දැම්මත් මේකට නම් හැමෝම අපිට එපා කියන්නේ නම් නැහැ.

:       0       4

Hafeel Saturday, 25 August 2018 01:08 AM

මැති ඇමැතිලාට සැප වාහන සහ සැප නිල නිවාස, අධීක්ෂණ මන්ත්‍රීලාට මාසික ලක්ෂ දෙක බැගින් දීමනා, බස්නාහිර මන්ත්‍රීලාට සැප පුටු, උෟව මන්ත්‍රීලාට රුසියානු සංචාර, රෝසි නෝනාට ලක්ෂ 57 සැප වැසිකිලි, දැන් මන්ත්‍රීලාට රුපියල් විසිදාහේ අමතර දීමනා. මේවා සේරම සහිත ගෑස් මිල වැඩි කළා සහ රටට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය බාල්දුකළා. මොන තරම් වටිනා ආණ්ඩුවක්ද මේක...?

:       23       157

analyzerSaturday, 25 August 2018 08:16 AM

ඒක තමයි, අර විල්පත්තුව විනාශ කරනවා අරහෙන්. කූරගල විනාශ කරනවා එක පැත්තකින්. මුහුදු මහා විහාරේ කඩනවා මෙහෙන්. ඒවාටත් මොනවා හරි කරමු නේද?

:       1       41

HafeelSaturday, 25 August 2018 12:30 PM

කවුරු වැරදි කළත් වැරදි වැරදිමයි. එ්කට ජාති, ආගම්, කුල, පක්ෂ, පාට අදාළ නැහැ. මට නං තේරෙන්නේ නැහැ.. ඔබ මොන ආකාරයෙන් මගේ අදහස බලනවාද කියා....

:       0       12

rocky Saturday, 25 August 2018 01:38 AM

කාපල්ලා! මේ අපේ මාංසයයි! බීපල්ලා! මේ අපේ රුධිරයයි!!

:       0       129

mishanathSaturday, 25 August 2018 01:17 PM

මාංශයද, රුධිරය ද වෙස්සන්තරවරුන් ලෙස අප විසින්ම කැඳවා දන්දුන් බැවින් නිශ්ශබ්ද වෙනවා විනා කුමක් කරමුද?

:       0       8

darshana Saturday, 25 August 2018 03:07 AM

අනේ කොච්චර දෙයක්ද? මේ ආණ්ඩුව මොනවා නැතත් දේශපාලකයන්ගේ මඩිය නම් තර කරලා දෙනවා.

:       0       139

akila Saturday, 25 August 2018 03:26 AM

කොළඹ නගර සභාවේ වාර්ෂික අදායම රුපියල් මිලියන 20,000ක පමණ තියනවලුනේ, මැඩම් ඕක දකින්න ඇති... කට්ටිය බෙදාගනීවි ටිකටික ඔක්කොම, බේරේ වැවේ ප්‍රශ්නයට වඩා ඕකනේ වැදගත්...

:       0       137

sisil gamage Saturday, 25 August 2018 04:27 AM

දැන් මේ අහිංසක දේශපාලකයෝ ටිකත් උපයන විට බදු ගෙවීමේ ආදායම් සීමාවට අත් වෙනවා. මෙයාලත් බදු ගෙවයිද? ඔන්න පේනවනේ ජනතා සේවයේ තරම...

:       0       49

ගාමිණී Saturday, 25 August 2018 04:47 AM

රෝසමලේ නටුවෙ කටු...

:       0       19

Kalutara Maha Karu Saturday, 25 August 2018 05:49 AM

මිනිස්සුන්ගෙන් හූරලා අරගන්න බදු බෙදා ගනිල්ලා.

:       0       55

saj Saturday, 25 August 2018 07:03 AM

අනේ මෙයාලට අපි නිකම් කෑම බීමත් දෙන්න ඕනේ... ලංකාවේ හැම කඩයක්ම මෙයාලට නොමිලේ අාහාර සපයන්න ඕනේ.. මොකද මෙයාලා හොඳ සේවයක්නේ රටට කරන්නේ... මම මගේ රෙස්ටුරන්ට් එකේ ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන්ට පක්ෂ පාට බේදයකින් තොරව නොමිලේ අාහාර දෙනවා.

:       0       8

Soma dubayi Saturday, 25 August 2018 07:45 AM

විශිෂ්ඨ තීරණයක් රෝසි මැතිණියනි....

:       27       0

RasikaSaturday, 25 August 2018 12:18 PM

පිටරට වැඩ කරන සියලු ලංකාවේ පුරවැසියන්ගෙන් බදු ගහනවලු ලංකාවේ මැති ඇමතිවරු නඩත්තු කරන්න. මේක සැමට අති විශිෂ්ට තීරණයක් වෙයිද දන්නේ නැහැ..

:       0       6

Ranjan Saturday, 25 August 2018 09:31 AM

අයියෝ කෝ මේ ලක්ෂ 62. ආ.... අමතක වුනානෙ. දැන් මේ වැඩි වෙච්ච ගාන ඒගොල්ලො හොයනවා ඇති බදු විදියට ගෙවන්න.

:       0       20

krishanth Saturday, 25 August 2018 10:22 AM

2018 මැයි නිකුත් කළ විගණන වාර්තාව අනුව මීතොටමුල්ල කුණු කන්දට යටවෙලා මැරුණු 32 දෙනාගේ මරණයට හේතුව කොළඹ නගර සභාවේ නොසැලකිල්ලයි. බොලාට ඔච්චර සල්ලි වැඩිවෙලා තියනවා නම් මැරුණු මිනිසුන්ගේ පවුල්වලට තව කීයක් හරි දෙන්න බැරිද? මොන සොච්චම් වන්දියක්ද එයාලට දුන්නේ?.

:       0       27

ප්‍රීති Saturday, 25 August 2018 12:22 PM

තව පඩි වැඩි කරගන්න. කන්න පින තියන අය වත් මේකේ කාලා, ඇඳලා සතුටින් ජීවත් වෙන්න ඕනෑ.. අනිත් එවුන් කල පව් ගෙවෙන්නත් එක්ක දුක් විඳපුදෙන්! කරුමක්කාරයෝ නැති ප්‍රශ්නයක් හෝ ඇති කරගෙන පව් ගෙවන එක මේ රටේ සාමාන්‍ය දෙයක්... එය සාමාන්‍ය ජනතාවටත් වදයක් වෙලයි තියෙන්නේ. පින්වත් දේශපාලකයින්ට ජයවේවා!!!

:       0       19

nirmala sampath Saturday, 25 August 2018 02:27 PM

මේ දේවල් වලට වගකියන්න වෙන්නේ අපිටම තමයි .. මන්ද මේ අය දන්නවා අපි ඊළඟ පාරත් ඡන්දය දෙනවා කියලා. එ්ක නිසා කොළ පාට, නිල් පාට අමතක කරපල්ලා... අලුත් ගමනක් යන්න හොයපල්ලා... නැත්නම් අපේ ළමයිවත් විකුණනවා අනිවාර්යයි...

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 796 0

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2139 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 829 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 384 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


තැනින් තැනට අද තද වැසි
2025 මැයි මස 10 139 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 444 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1346 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 345 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site