IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වෙදගේ මරුට

 

(ගයාන් සූරියආරච්චි)

කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකු හදිසියේ ඇතිවූ බව කියන අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (7) රාත්‍රී එම කාර්යාලයේ විවේකී කාමරයේදී මියගොස් ඇති බව නාරාහේන්පිට පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේ පදිංචි රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ (38) නැමැති කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙස කටයුතු කළ අයෙකි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා සකස් කිරීමේ රාජකාරි කටයුත්තක් සදහා ඒ මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඔහුගේ කාර්යාලයට පැමිණ රාජකාරී කර ඇති අතර පසුව ඒ අසල පිහිටි විවේකී කාමරයේ සිටියදී පෙරේදා (7) රාත්‍රී මෙසේ මියගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා මියගොස් සිටි ස්ථානයේ ලේ වමනය වැනි යමක් තිබී හමුවී ඇති බවද පොලිසිය පවසයි.

දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි නාරාහේන්පිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (4)

කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වෙදගේ මරුට

පිටරැටියා Sunday, 08 December 2024 03:10 PM

ජීවීතය අනිත්‍යයි... මරණය නියතයි. ඔහුට අමා මහ නිවන්සුව අත්වේවා..!

:       1       43

සනත් ගමගේ Sunday, 08 December 2024 04:24 PM

හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙසත් සේවය කළ වෙදගේ මහතා ආගම, දහම ගැන හොඳ නැඹුරුවක් ඇති පුද්ගලයෙක් ඔබට සුබගමන්...!

:       2       39

Samantha Monday, 09 December 2024 06:42 AM

එම කාර්‍යාලයේ විවේක කාමරයකුත් තියෙනවා. ඒත් මම හිටපු කිසිම තැනක නම් තිබුනෙම නැහැ අලුත්ම ගොඩනැඟිලි හදාගෙන ගියපු තැනකවත් ඒ ගැන කිසිම තැකීමක් තිබුනෙම නැහැ .ඒත් එක් වරක් මම ගාල්ලෙ දිසාපති කාර්‍යාලයේ කාන්තා විවේකාගාරයක් තියෙනවා දැක්කා

:       0       3

lasanthamanawaduge Tuesday, 10 December 2024 12:02 AM

එතුමා ඇඹිලිපිටිය සහකාර ප්‍රාලේතුමන් ලෙස කලක් කටයුතු කළ හොඳ නිහතමානී මහත්මයෙක්... එතුමාට නිවන් සුව ලැබේවා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site