IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොළඹ - ජ’පුර සරසවි පැසිපන්දු ශූරතා දිනති

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් විශ්ව විද්‍යාල පැසිපන්දු තරගාවලියේ පිරිමි ශූරතාව කොළඹ විශ්ව විද්‍යාලය විසින් දිනාගන්නා ලදි. කාන්තා ශූරතාව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටත් හිමිවිය.

පිරිමි අවසන් මහ තරගයේදී කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායම විසින් ලකුණු 73 - 60 ක් ලෙස කැළණිය විශ්ව විද්‍යාල කණ්ඩායම පරාජය කරන ලදි. කාන්තා අවසන් මහ තරගයේදී ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම විසින් ලකුණු 54 - 25 ක් ලෙස කැළණිය විශ්ව විද්‍යාල කණ්ඩායම පරාජය කරන ලදි. 

පිරිමි අංශයේ අවසන් පූර්ව තරග වලදී කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායම හමුවේ මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායමත්, කැළණිය විශ්ව විද්‍යාල කණ්ඩායම හමුවේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායමත් පරාජයට පත්විය.

කාන්තා අංශයේ අවසන් පූර්ව තරග වලදී මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම පරාජය කළ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායමත්, කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායම පරාජය කළ කැළණිය විශ්ව විද්‍යාල කණ්ඩායමත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

තෙවැනි ස්ථානය සඳහා පැවති තරග දෙකේදී පිරිමි අංශයේ ජය ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලටත්, කාන්තා අංශයේ ජය කොළඹ විශ්ව විද්‍යාලයටත් හිමිවිය.

(*)
 



අදහස් (0)

කොළඹ - ජ’පුර සරසවි පැසිපන්දු ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 101 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site