කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයයේ විදුලි සෝපානය ප්‍රමිතියෙන් තොරවීම නිසා එය පාවිච්චිකරන්නන්ගේ ජීවිත සම්බන්ධයෙන් අවදානමක් ඇතැයි ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්ට ලිඛිතව දැනුම් දී ඇත.
පසුගිය දිනෙක මෙම විදුලි සෝපානයේ විනාඩි 45ක් පමණ එහි සිරවී සිටි විදුහල්පතිවරයකු එළියට ගැනීමට ගිනි නිවන ඒකකයෙන් පවා පැමිණි බවත්, දිනක් පමණ රෝහලේ ගත කිරීමට ඔහුට සිදුවූ බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පළාත් අධ්‍යාපන ලේකම්ට යැවූ ලිපියේ සඳහන් වේ.
මීට කාලයකට ඉහත හතර දෙනකු සෝපානයේ ගමන් කරද්දී සෝපානය කඩා වැටී අධ්‍යාපන කාර්යාලයයේ නිලධාරිනියක් තුවාල ලැබූ බව ද, මෙවැනි සිද්ධි කිහිපයක්ම පසුගිය කාලයේ වාර්තා වූ බව ද කියන ලංකා ගුරු සංගමය කියයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කොළඹ කලාපේ විදුලි සෝපානේ මර උගුලක්‘
උපාලි Monday, 15 September 2014 08:19 PM
සාමාන්‍යයෙන් කෙනෙක් අනතුරකින් මැරෙනතුරු අපේ බලධාරීන් ඇස් අරින්නෙ නැහැ. අනික, අධ්‍යාපනය නම් කොහොමවත් ඇස් අරින්නේ නැහැ. (නි)
සත්‍යයා Tuesday, 16 September 2014 12:04 AM
ශ්‍රී ලාංකිකයින්ට මර උගුලක් නොවූ අමාත්‍යාංශයක් වේද? (නි)
ඉසුරන්දි Monday, 15 September 2014 12:01 PM
සෝපානය නැතුව පොඩ්ඩක් පඩිපෙළ පාවිච්චි කලා නම් සෞක්‍යටත් හොදයිනේ.(නදී)