IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ ඉඳන් ගමේ පදිංචියට යන පිරිස වැඩිවෙලා

 

(සුජිත් හේවාජුලිගේ )

අධික ආහාර උද්ධමනය නිසා කොළඹ ඇතුළු ඒ අවට තදාසන්න ප්‍රදේශවල ජීවත්වීමේ අපහසුතාවය හේතුවෙන් යම් යම් පිරිස් පිට පළාත්වලට සංක්‍රමණය වීමේ  ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව  පළාත් පාලන ආයතන ආරංචිමාර්ගවලින් පැවසේ.

එසේම සමහරුන් පිට පළාත්වලින් ඉඩම් මිලදී ගෙන වගා කටයුතු සඳහා පෙළඹී සිටින බවද  එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ පිට පළාත් වලට සංක්‍රමණය වන පිරිසෙන් වැඩි දෙනෙක් නාගරික ප්‍රදේශයන්හි  වගා කටයුතු සඳහා ඉඩකඩ නොමැති  ඉඩකඩම්වල පදිංචිව සිටින අය වෙති.

සමහරුන් මෙසේ පිටව ගොස් ඇත්තේ කොළඹ  තම නිවාස කුලියට  ලබා දීමෙන් පසුවය.

මේ අතර කොළඹ ආහාර උද්ධමනය සියයට 70 දක්වා ඉහළ නැග ඇතැයි වාර්තා වේ.

දර කෑල්ලේ සිට සෑම දෙයක්ම වෙළඳපොළෙන් මිලදී ගැනීමට සිදුව ඇති හෙයින් කොළඹ ජීවත්වීම ඉතා දුෂ්කර බව  පිට  පළාත්වලට සංක්‍රමණයවූ  පිරිසක් පැවසූහ.

විශේෂයෙන්ම මහල් නිවාසවල ජීවත්වන පිරිස්වලට  මේ ප්‍රශ්නය දැඩිව බලපා ඇතැයි ඔවුහු  වැඩිදුරටත් සඳහන් කරති.



අදහස් (0)

කොළඹ ඉඳන් ගමේ පදිංචියට යන පිරිස වැඩිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site