IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොළඹට/මහරගමට නව රථවාහන සැලැස්මක්

කොළඹ නගරයේ හා මහරගම නගරයේ නව රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

 



අදහස් (0)

කොළඹට/මහරගමට නව රථවාහන සැලැස්මක්

රයන් Friday, 09 October 2015 06:11 AM

හයිලෙවල් පාරෙන් දෙහිවල පාරට හරවන ඔරලෝසු කණුව ළඟ සිග්නල් ලයිට් පද්ධතියක් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට පෙර අනිවාර්යයෙන් සවිකළ යුතුයි (බ)

:       0       0

සුනිල් Friday, 09 October 2015 06:12 AM

මහරගම බෝ ගහ ළඟින් හෝමාගම පැත්තට වාහන දැනට යන පාර ගැන ටිකක් සලකලා බලන්න. ප්‍රධාන බස් නවතුම්පොලත් එතෙන, අවිස්සාවේල්ල හෝමාගම කොට්ටාව බස් නතර කරන්නෙත් එතෙන, වෙළෙන්දෝ පාර දෙපැත්තේ වෙළඳාම් කරන්නෙත් එතෙන, කිසිදු සංවරයක් නැතිව පදිකයෝ දෙපැත්තටම පාර පනින්නේත් එතෙන. ඒ පාර හරිම පටු පාරක්. මහරගම නගරයේ වාහන තද බදය ඇතිවෙන්නේ මෙතනින්. මෙන්න මේ ස්ථානයේ යම් කිසි සංවර කමක් ඇති කලොත් මහරගම වාහන තද බදය අඩු කරගන්න පුළුවන් වේවි කියල හිතනවා. (බ)

:       0       0

යසස් Friday, 09 October 2015 06:37 AM

වැදගත් පවුල් වලට වාහන තිබුණැයි අදහස් කරන්නේ දැන් වාහන තියෙන්නේ නොවැදගත් අයටද? මිනිස්සු පුද්ගලික වාහන භාවිතය වැඩි කරන්නේ පොදු ප්‍රවාහණය අකාර්‍යක්ෂම නිසා. අනික වාහනයක් කියන්නේ කුලවත් කම වංශවත් කම පෙන්වන උපකරණයක් නෙමෙයි. දැන්වත් හණමිටි අදහස් වලින් ඉවත් වෙන්න. දිමුතු. (බ)

:       0       0

සත්‍යයා Thursday, 08 October 2015 10:36 PM

හැමෝම හැමදාම කතාකරන්නේ පාරවල් පළල් කරන එකයි වාහන හසුරුවන හැටියි. අලුත් පාරවල් වල අලුත් කාර් වල නැගලා යන මිනිසුන් දිවයිනේ දෛනික අපරාධ වලට දායකවෙන හැටි අහනකොටත් ඇඟ හිරිවැටෙනවා. බාහිර දේවල් ඔප කරනවාට වඩා මිනිසුන්ගේ විනය ගරුකත්වය හා ශීලාචාරකම වැඩිදියුණු කරන ක්‍රමයක් දේශපාලුවන්ගේ ඔලුවේ කිසිදාක පහළවෙන එකක් නැහැ. (නි)

:       0       0

සාමා Friday, 09 October 2015 01:08 AM

අනේ පුලුවන් නම් මහරගම හන්දියේ කහ ඉරට පිටින් පදිකයෝ පාර පනින එක නවත්තලා දෙන්න. අපිට හරිම කරදරයක් ඒක. විශේෂයෙන්ම හන්දියේ තියෙන ඔරලෝසු කණුව හරහා පමුණුව පාරෙන් එන පදිකයෝ මුළු පාරේම වාහන ගමනට බාධා කරනවා. හන්දියේ යාර 150 ඇතුළත කහ ඉරි දෙකක්ම තියෙනවා. ඒත් මිනිස්සු ඒවා භාවිතා නොකර කෙළින්ම පාර පනිනවා. (නි)

:       0       0

රෝහණ Friday, 09 October 2015 02:03 AM

පොදු ප්‍රවාහනය දියුණු රටවල මට්ටමට සංවර්ධනය කිරීම අවශ්‍යයි. එතකොට පුද්ගලික වාහන පරිහරණය අඩුවෙනවා. මොන සැළසුම් දැම්මත් වාහන තදබදය අඩුවක් නැහැ (නි)

:       0       0

සුනිල් Friday, 09 October 2015 03:44 AM

ඉතා ඉක්මනින් ක්‍රියාවට නංවයි කියා බලාපොරොත්තු වෙමු. විශේෂයෙන්ම මහරගම හරහා අධිවේගී මාර්ගයට යන අය රථවාහන තදබදය නිසා අපහසුතාවට පත්වෙනවා. (නි)

:       0       0

දිමුතු Friday, 09 October 2015 03:45 AM

ඉස්සර කාර් එකක තිබුනේ කොළඹ වැදගත් පවුල්වලට අයට පමණයි. දැන් හැම කෙනාම වාහන අරගෙන කොළඹ මිනිස්සුන්ටත් අනිත් අය එක්ක එකට පාරේ තදබදයේ රස්තියාදු වෙන්න වෙලා. බදු වැඩි කරපු රජයට සුබපැතුම්. (බ)

:       0       0

නුවන් Friday, 09 October 2015 03:49 AM

බොහොම හොඳයි (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 09 October 2015 04:29 AM

විනයගරුක ශිලාචාර සමාජයක් ගොඩනැගීමේ වැඩ පිළිවෙලකින් තොරව පැලැස්තර සැලසුම් හිතළු පමණයි. ගාලෙන් පිටතට පැමිණි හරක් රංචුවකට "හෝ හෝ" කියලා වැඩක් නැහැ. (බ)

:       0       0

දිලි් Friday, 09 October 2015 04:42 AM

මගී ජනතාවගෙන් අදහස් ගැනීමට නිසි ක්‍රියාදාමයක් නොමැතිවීම බරපතල ගැටලුවකි. අදහස් යෝජනා ප්‍රකාශ කිරීමට පොලිසියට ගියත් ඒවා ලබා ගැනීමේ නිසි ක්‍රම වේදයක් නොමැත. පුද්ගලිකවම මෙය අත් වින්දෙමි. මෙයට වඩා සාර්ථක තවත් සැලසුම් හා ටවුන් හෝල් ඇතුළු තවත් මාර්ගයන් එක අතකට ධාවනය කළ හැකිය.(ම)

:       0       0

සුමිත් Friday, 09 October 2015 04:49 AM

සාමා ඔයාල වාහන වල ගියාට අනෙක් මිනිස්සු ගැන හිතන්නේ නැහැනේ, මිනිස්සු කව්රුත් බලන්නේ තමාගේ පහසුව, ඔය කියන කහ ඉරි ඔරලෝසු කණුවට ළංකරලා දාන්න කියන්න , එතකොට ඔක්කොම හරි, මමත් මහරගම ඉන්නේ, මම පාර පන්නින්නේත් ඔරලෝසු කනුව ලගින් , කහ ඉර තිබුනට එ්ක තියෙන්න පදිකයන්ට අපහසු විදිහටනේ , (බ)

:       0       0

උපාලි Friday, 09 October 2015 05:13 AM

මහරගම නගරයට ඇති කිරීමට යන නව රථවාහන සැළස්ම තිබුනාටත් වඩා වාහන තදබදයක් ඇති කරන බවයි මට නම් පේන්නේ. දැන් හදන්නේ කොළඹ දෙසට තියන මංතීරු 4 න් එකක් හෝමාගම දෙසට යන රථ වාහන සඳහා වෙන් කරන අතර මේ වාහන වලට දෙහිවල පාරට හැරවීමට ඉඩ සළසනවළු. එතකොට වෙන්නේ කොළඹ දෙසට යන මංතීරු 3නේම වාහන දෙහිවල දෙසට යන සියළු වාහන යන තෙක් නවතා සිටීමට සිදු වෙනව. ඊලගට කොළඹ දෙසට යන වාහන තරුණ සේවා සභාව ඉදිරිපිටින් පරන පාරට හැරවීමට ඉඩ දෙනවලු. එතකොට එහෙම පරන පාරට යන වාහන යන තෙක් අර අලුතෙන් හෝමගම දෙසට යන වාහන නවතා තැබීමට සිදු වෙනවා. මේ දෙකින්ම සිදු වෙන්නෙ පෙර නොතිබූ වාහන තදබදයක් ඇති වීමයි. වාහන තදබදය පමණක් නොව මහරගම නගරයේ රථ වාහන අනතුරු විශාල වශයෙන් වැඩි වීමට මෙමගින් සිදු වන බව පේන්න තියෙනවා. අනිත් එක තමයි පමුණුව පාරෙන් සහ පන්සල පාරෙන් කොළඹ දෙසට යන වාහන දැනට යන්නේ හෝමාගම දෙසට ගොස් ජනාධිපති විදුහල අසලින් දකුණට හැරවීමෙනුයි. නව රථවාහන සැළැස්ම අනුව පමුනුව පාරෙන් සහ පන්සල පාරෙන් කොළඹ දෙසට යන රථ වාහන වලට යන එන මං නෑ වගෙයි පේන්නේ. මෙම වාහන වලටත් පෙර පරිදි ජනාධිපති විදුහල ඉදිරිපිටින් දකුණට හැරවීමට ඉඩ සැළසුවොත් නැවත වරක් හෝමාගම දෙසට යන අලුතෙක් වෙන් කළ මංතීරුවේ එන වාහන නවතා තැබීමෙන් පෙර නොවු වාහන තදබදයක් ඇති වෙනවා. ඒ විතරක් නොවේ. පරන පාරෙන් එන වාහන හයිලෙවල් පාරට ඇතුළු කිරීමේදි අනතුරු විශාල වශයෙන් සිදු වීමටත් ඉඩ තියෙනව. මොකද මෙතනින් දකුනට හැරවීමේදී දකුණෙන් එන වාහන නොපෙනීමයි. ඒක නිසා පොලිසිය කළ යුත්තේ මෙයට වඩා හොඳ සැළැස්මක් පිළිබඳව යළි සිතා බැලීම බවයි මට නම් කියන්න තියෙන්නෙ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site