(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොහුවල කළුබෝවිල පන්සල පාරේ ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මෝදර නිපුණ නමැත්තාගේ සමීප ඥාතිවරියන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
ඉකුත් 15 වැනිදා එම වෙඩි තැබීම සිදුවී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමක මුදල් නොගෙවිමේ සිද්ධියක් මත යැයි පොලිසිය කියයි. එමෙන්ම සැකකරුවන් සමග තීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූවන් අතරින් එදින වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුගේ බිරිඳ සහ බිරිඳගේ මවද වන බව පොලිසිය කියයි.
වෙඩික්කරු වෙඩි තැබීමේ සිද්ධියට පසු දින (16) ඩුබායි රාජ්‍යයේ බලා පලා ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කළුබෝවිල වෙඩි තැබීමේ සිද්ධියට තුනක් මාට්ටු