(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු සිව් වන මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොහුවල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගෝනපොල කන්දෙවත්ත අංක 257 / B හී පදිංචි කුරුප්පු අච්චිගේ චන්ද්‍රසෝම නමැති ( 65 ) හැවිරිදි පුද්ගලකු බව පොලිසිය කියයි.
උගුරේ ඇති වූ පිළිකා රෝගයක් හේතුවෙන් මීට මාස 3ක පමණ සිට මෙම රෝගියා කළුබෝවිල ශික්ෂණ රෝහලට පැමිණ උගුර කන නාසය රෝගීන් සදහා ප්‍රතිකාර කරන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති බව පැවසේ.
සිව් වන මහලේ රැඳී සිටි මෙම රෝගියා 14 දා අලුයම 5.30 පමණ එම වාට්ටුවේ නේවාසික රෝගීන් සඳහා ආහාර ගැනීමට වෙන් කර ඇති ස්ථානයට පැමිණ එහි සවිකර ඇති ජනේල් කවුළුවකින් බිමට පනින්නට ඇතැයි පොලිසිය සැකකරයි.
මේ බව රෝහල් සේවකයන් දැක ඒ බව රෝහල් පාලනාධිකාරිය දැනුවත් කිරීමෙන් පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ මියගොස් සිටි පුද්ගලයාගේ මෘත දේහය මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කළුබෝවිල රෝහලේ සිවුවැනි මහලින් රෝගියෙක් බිමට