
(අංජුල මහික වීරරත්න)
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොළොන්නාව නිමාවේ 7 වන කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාව නිමාවේ 7 වන කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම අදියර 03 ක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම නිර්දේශ කර තිබේ.
කොලොන්නාව නිමාවේ 7 කලාපයේ පෙට්‍රල්, ඩීසල් සහ භුමිතෙල් සඳහා අති නවීන පිරවුම් පහසුකම් සඳහා වන සම්පුර්ණ සැලැස්ම සකස් කිරීම සහ එම කලාපයේ පෙට්‍රල් පිරවුම් පහසුකම ඉදිකිරීම අදියර - 1 ක්‍රියාත්මක කිරීම සඳහා වන මුළු පිරිවැය රුපියල් මිලියන 1455 + බදු ලෙස ඇස්තමේන්තු කර ඇත.
ඒ අනුව, කොලොන්නාව නිමාවේ 7 කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ අදියර 1 ක්‍රියාත්මක කිරීම සහ ඉංජිනේරු, ප්‍රසම්පාදන, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුවක් වශයෙන් ඒ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොළොන්නාව නිමාවේ පහසුකම් සංවර්ධනයට