IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කළුතර වෙඩි පුහුණු පිටියේ උණ්ඩයක කොටස් විසි වී අනතුරක්:පොලීසියේ තුනක් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 කළුතර විශේෂ කාර්ය බළකා කඳවුරේ සිද්ධාන්ත වෙඩි පුහුණු පිටියේදී උණ්ඩයක් යකඩ ඉලක්ක පතයේ වැදි එහි කොටස් විසිවීම හේතුවෙන් කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයා   ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි

 පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා සැරයන්වරයෙක් තුවාල ලැබූවන් අතර වන බව පොලිසිය සඳහන් කරයි

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාරද සිල්වා සහ පොලිස් පරීක්ෂක, බි එස් . සිල්වා , පොලිස් සැරයන් (40474) කුමාර යන තිදෙනායි .

පොලිස්පතිතුමාගේ නියෝග පරිදි කළුතර විශේෂ කාර්ය බලකා කඳවුරේ සිද්ධාන්ත වෙඩි පුහුණු පිටියේදී  පිස්තෝල වර්ගයේ ගිනි අවි පුහුණුවීමක් ඊයේ  (17) සිදුකර ඇති අතර එම අවස්ථාවේදී කළුතර උතුර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන් (70736) විජේසිංහ නිලධාරියාගේන් නිකුත් වූ උණ්ඩයක් යකඩ ඉලක්ක පථයේ වැදි එහි කොටස් විසිවීම හේතුවෙන් ඒ අසල සිටි කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ වම් අතේ ඉහළ කොටසට ද , පොලිස් විශේෂ කාර්ය බළකා උප පොලිස් පරීක්ෂකවරයාගේ දකුණු කන අසල පහළ ප්‍රදේශයටද ,  පොලිස් සැරයන් වරයාගේ  උදරය ප්‍රදේශයටද එම උණ්ඩ කොටස් වැදි තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

කළුතර වෙඩි පුහුණු පිටියේ උණ්ඩයක කොටස් විසි වී අනතුරක්:පොලීසියේ තුනක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site