IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘කළුතර මල් කැකුළු නොතලනු‘

බස්නාහිර පළාතේ කළුතර දිස්ත‍්‍රික්කයේ ළමා මවුවරුන් ප‍්‍රමාණය ඉහළ යමින් තිබෙන බවත්, අහිංසක දැරියන් ලිංගිකත්වය පිළිබඳ නිසි අවබෝධයක් නැතිකමින් වැඩිහිටියන්ගේ ගොදුරු බවට පහසුවෙන් පත්වන බවත්  බස්නාහිර පළාත් නව ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා පැවසීය.

තම දරුවාට කිරි දී පාසල් යන දැරියක් මෙන්ම නිවුන් දරුවන් අපේක්‍ෂාවෙන් සිටින 13 හැවිරිදි දැරියක් ද කළුතර දිස්ත‍්‍රික්කයේ සිටින බව වාර්තා වී ඇතැයි කී ප‍්‍රධාන අමාත්‍යවරයා දරුවන්ට විෂය නිර්දේශයට අනුව ලබාදිය යුතු ලිංගික අධ්‍යාපනයවත් ලබා නොදී ගුරුවරුන් හිතා මතා එම කොටස් මගහැරයාම ගැටලූවක් බව ද සඳහන් කළේය.

ළමා පරපුර ආරක්‍ෂා කර ගැනීමට නම් දරුවන්ට අවශ්‍ය කාලයේ දී අවශ්‍ය අධ්‍යාපනික දැනුම ලබාදීම මෙන්ම වැඩිහිටියන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ සොයා බැලීම ද වැදගත් බව ද කී මහඇමතිවරයා තමන් මෙවැනි කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද කීවේය.

පක්‍ෂ විපක්‍ෂ සියලූ මන්ත‍්‍රීන්ට සමාන අවස්ථා ලබාදෙමින් කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ද ප‍්‍රධාන ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.

ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ 7, ශ‍්‍රාවස්ති මන්දිරයේ දී පිහිටි සිය කාර්යාලයේ දී  සිය ධුරයේ වැඩ භාරගනිමිනි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මහ ඇමැතිවරයා වැඩ භාරගැනීමේ උත්සවය පැවැත්විණි.

දැන් නව දේශපාලන සංස්කෘතියක් බිහිවී ඇති බවත් බලය ලැබූ අය තමන්ගේ පවුලේ ඥාතීන්ගෙන්  ආයතන පුරවන යුගය අවසන් වී ජනතාවට සේවය කරන යුගයක් උදාවී ඇති බවත් මෙහි දී හිටපු ජනාධිපතිනිය කීවාය.

යළිත් දේශපාලනඥයින් වැරදි ක‍්‍රියා කිරීමේ සංස්කෘතියක් කරා යාමට උත්සාහ කළහොත් ඊට එරෙහිව නැගී සිටීමට සිවිල් සමාජය ශක්තිමක් කරන බව ද ඇය කියා සිටියාය.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ෆයිසර් මුස්තාෆා, හිටපු ප‍්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග, පළාත් සභා අමාත්‍යවරුන් , පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

isuru_2015916_DSC0290 isuru_2015916_DSC02902 isuru_2015916_DSC02903 isuru_2015916_DSC02904



අදහස් (0)

‘කළුතර මල් කැකුළු නොතලනු‘

මනෝ Wednesday, 16 September 2015 01:39 PM

රටේ අවශ්‍ය කරන නීති පිළිබදව මුලික කරුණු පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරන්න. විශේෂයෙන්ම ප්‍රජ පොලිස්. (අ)

:       0       0

සිල්වා Wednesday, 16 September 2015 02:28 PM

ළමා පරපුර ආරක්‍ෂා කර ගැනීමට නම් දරුවන්ට අවශ්‍ය කාලයේ දී අවශ්‍ය අධ්‍යාපනික දැනුම ලබා දීම සෑම මුපියෙකුගේම වගකීමක් ! ඒ වගේම පන්සල පල්ලිය කෝවිල තුළින් හරියට වගකීම් කොටස සිද්දවෙන්න ඕනි දැහැමි සමාජයක් ගොඩ නගන්න. මුදල් මත පමණක් හාඹ යන සමාජයක මිනිස්කම විනය හැදියාව නොපෙනී යනවා වැඩිහිටියන් ගුරුවරු ආගමික නායකයන් සංහිදියාවක් ගොඩ නැගිය යුතයි වර්තමානයේ පත්වී තිබෙන තත්වයට. (අ)

:       0       0

මලිත් Friday, 18 September 2015 05:07 PM

අපි නොදන්නා තව කොයිතරම් අපරාධ වෙලා ඇද්ද? මේවට ඉක්මන් පිළියම තමයි මරණීය දණ්ඩනය. සෑම මිනිසෙකුම මරණයට බය නිසා යම්තාක් දුරකින් හෝ අපරාධ අඩුවේවි. (නි)

:       0       0

යසිරු Wednesday, 16 September 2015 07:13 PM

හොඳ කතාවක්. හොඳ අරමුණක් (නි)

:       0       0

අමල් Thursday, 17 September 2015 02:04 AM

හොඳ කතා නම් අපට අඩුවක් නැතුව ලැබෙනවා. වැඩ වලින් තමයි අඩුව. (නි)

:       0       0

මාලික Wednesday, 16 September 2015 12:43 PM

මේ ප්‍රශ්න වලට නිසි විසඳුම් අවශ්‍යයි (නි)

:       0       0

ඉමේෂ් Thursday, 17 September 2015 03:19 AM

කතා වැඩක් නැහැ අපිට. අවුරුදු 50ක විතර ඉඳලා අපේ රටේ කතා විතරයිනේ. එනිසා වැඩේ කරලම කතාව කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site