කළුතර පැවැති නිදහස් දින සැමරුම් උළෙලේ දී තමාට නිසි ගෞරව ලබා නුදුන් බව කියමින් කළුතර නගරාධිපති එම් එම් එම් ජවුෆර් මහතා උත්සවයෙන් පිටව ගියේය.
නගරාධිපති සමග කළුතර නගර සභාවේ හා ප්‍රදේශීය සභාපති එජාප මන්ත්‍රී පිරිසක් ද වූහ.
බස්නාහිර පළාත් සෞඛ්‍ය ඇමැති රංජිත් සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
කළුතර නගරයේ ප්‍රධාන පුරවැසියා වන තමාගේ නමවත් මේ රැස්වීමේ දී නොකී බවත්, මේ ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ට පැමිණිලි කරන බවත් ජවුෆර් මහතා කීවේය.
කළුතර දිසා ලේකම් යූ ඩී පී ජයලාල් මහතා කීවේ සිතාමතා එවැනි දෙයක් නොකළ බවයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතර පුරපතිට පලා බෙදලා
තරිඳු Wednesday, 04 February 2015 12:46 PM
නම කියන එකවත්,වෙනම අමුතු තැනක් ලබාදීමවත් නෙමෙයි වැදගත්,ජනතාවට වැඩ කරන එක. ඒක මතක තියාගන්න (නි)
දසනායක Thursday, 05 February 2015 03:32 AM
මෙයා පසුගිය ආණ්ඩුව කාලේ රූකඩයක් වගේ හිටියේ. නගර සභාව පාලනය කළේ ඇමති. නගරයේ ඇති පාරක් වත් හදාගන්න බැරි උනා නේද? වේලාපුර පාසල අසලින් රේල් පාර අයිනෙන් ඇති පාර කැඩිලා දැන් හුගක් කල්. ප්‍රධාන පාර බ්ලොක් වුණ වෙලාවට ගොඩක් වැදගත් පාරක්. ඒකවත් හදාගන්න බැරි උනා. (නදී)
දුමින්ද Thursday, 05 February 2015 04:20 AM
නම නෙමෙයි වැදගත්, වැඩ (නි)
මහින්ද රජ Wednesday, 04 February 2015 07:20 AM
නම වැඩක් නැහැ වැඩ කරලා පෙන්නන්න (නදී)
ජයසේන Wednesday, 04 February 2015 07:38 AM
වත්මන් ජනාදිපති තුමා ආදර්ශයට ගන්න පුරුදු වෙන්න.(නදී)
රාජා Wednesday, 04 February 2015 07:41 AM
මහ පුටුවට ආවේ නම කියවගන්න මිසක් වැඩක් කරන්න නෙමෙයිනේ. (නදී)
මොහමඩ් සෆ්රින් Wednesday, 04 February 2015 07:56 AM
කළුතර නගර සභාවේ නගරාධිපති තුමා සැමගේ හදවත් දිනු මිත්‍රශීලී පුද්ගලයෙක්. අනික නගරයේ ප්‍රධාන පුරවැසියාත් ඔහුයි. මෙය වැරදීමක් වෙන්න බැහැ මෙය සිතාමතා කරපු වැඩක්. ඔහුට අගෞරව කිරීම යනු ඔහුව එම ස්ථානයට පත්කළ කළුතර ජනතාවත් අගෞරව කිරීම හා සමානය. මෙය අප තරයේ හෙළා දකිමි. නගරාධිපති තුමනි අප ඔබ සමගයි (නදී)
සාමා Wednesday, 04 February 2015 08:44 AM
මොහමඩ් සෆ්රින්, නමෙන් වැඩක් නැහැ සහෝදරයා රටට වැඩක් කරලා පෙන්වන මිනිස්සු තමා රටට ඕනේ හරිද? (නදී)
ලලන්ත Wednesday, 04 February 2015 08:49 AM
මෙවැනි අවස්ථාවල ඔබ තුමා නිහතමානී උනා නම් දේශපාලනයේදී ඉතා දුර ගමනක් යා හැකිය. සැමවිටම දුරදිග බලා තීරණයක් ගන්න (නදී)
හේවාවිතාරණ Wednesday, 04 February 2015 07:06 PM
හරියට පොඩි ළමයි වගේ (නදී)
ඇසිලින්නෝනා Wednesday, 04 February 2015 09:42 PM
අනේ ඒ අයියාට ඒවා බෙදන්න හොද නැහැ නේ. කහ හොදි එක්ක ඉඳි ආප්ප දීලා, නිදහස් දවසේ කොත්තමල්ලි ටිකක් දාලා දෙන්න එපාය නේද ? (නදී)
ලසන්ත Wednesday, 04 February 2015 10:41 PM
නම ඔච්චර ලස්සනද ? (නදී)
ගමගේ Wednesday, 04 February 2015 11:15 AM
ජන හදවත් දිනු මිත්‍රශීලී දේශපාලන නායකයින්ගේ නම් ජන හදවත්වල සීගිරි ගී මෙන් ලියවී ඇත. එය දන්නා ජනතාව ඉදිරියේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් කියවා ගැනීමට අවශ්‍ය නැත. (නි)