IMG-LOGO

කළුතර ට්‍රැක්ටරයක් පෙරැළී සේවකයෝ දෙදෙනෙක් රෝහලේ

(සුමිත් පොතුපිටිය) 

කළුතර ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරයක් කාර්මික දෝෂයකට ලක්ව පෙරලීයාමෙන්  එහි සේවකයින් දෙදෙනකු තුවාල ලබා අද රෝහල් ගතකර ඇතැයි  සභාවේ  ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය .

මෙසේ රෝහල් ගතකර ඇත්තේ  වාද්දුව මාවල සහ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි සභාවේ  සුළු සේවකයින් දෙදෙනෙකු බව සදහන් වේ.

මාර්ගවල ඇති පලුදු පිලිසකර කිරීම සදහා කාපට් මිශ්‍රණ පටවාගෙන සභා පරිශ්‍රයෙන් පිටවයාම සදහා අසල ඇති කදු ගැටයක් සහිත මාර්ගයේ ඉහළට යාමේදී තිරිංග ක්‍රියාත්මක නොවීමෙන් පිටුපසට ඇදී ගොස් සමබරතාවය මිදී ටේලර කොටස වම්පසට පෙරලී ඇතැයි සදහන් වේ.

ටේලරය පෙරලෙන අවස්ථාවේ එහි සේවකයින් දෙදෙනා වාඩිවී සිට ඇති අතර, ටේලරය පෙරලීමත් සමගින් සේවකයින් දෙදෙනා උඩින් විසිවී ඇතැයිද එහි ප්‍රකාශකයා පැවසීය.

තුවාල ලැබු සේවකයින් 1990 සුවසැරියෙන් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර , පාද වලට සහ තුනටිය ප්‍රදේශයට තුවාල සිදුව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .



අදහස් (0)

කළුතර ට්‍රැක්ටරයක් පෙරැළී සේවකයෝ දෙදෙනෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site