වනජීවී දෙපාර්තමේන්තුවේ ප‍්‍රවාහන බලපත‍්‍රයක් නොමැතිවද ඇත් පැටවකු සත්ත්ව හිංසා පනත කඩකරමින් හිංසාකාරී ලෙසද ලොරියකින් රැගෙන ගිය ලොරි රියැදුරු කඳානේ පදිංචි හබරකඩ දේවගේ අමිල දර්ශනට හා කොට්ටාවේ පදිංචි වර්ණපාල කුලතුංග ඇත් ගොව්වාට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් මහී විජේවීර මහතා රුපියල් 43000 දඩ නියම කෙළේය. ඔවුහු වරද පිළිගත්හ. මුල් චෝදනාවට රුපියල් විසිදහස බැගින් ද දෙවැනි චෝදනාවට රුපියල් 1500 බැගින්ද දඩ නියමකළ මහේස්ත‍්‍රාත්වරයා දඩ නොගෙවන්නේ නම් හය මාසය බැගින් සිරදඬුවම් නියම කරන බවද ප‍්‍රකාශ කෙළේය.
කළුඅම්මා නම් ඇතින්නට උපන් මේ පැටවාට තුවාල සිදු වී ඇතැයිද සත්ත්ව ආරක්‍ෂක සංවිධානයක දැනුම්දීම අනුව ගිය සඳුදා (22) මේ වැටැලීම කළ බවද වනජීවි දෙපාර්තමේන්තුවේ වැටැලීම් අංශයේ ප‍්‍රධානි උපාලි පද්මසිරි මහතා අධිකරණයට දැන්වීය.
ඇත්පැටවාගේ අයිතිකරු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කොළොන්නාවේ සුමංගල හිමියන් බව පන්නිපිටිය ජී.ඒ. රෝලන්ඞ් දිවුරුම් පෙත්සමකින් ප‍්‍රකාශ කළ නිසා ඒ හිමියනට ඇත් පැටවා බාර දුන් බව ද පද්මසිරි මහතා අධිකරණයට දැන්වීය.
2025 ඔක්තෝබර් මස 08
1911
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1522
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කළුඅම්මාගේ දුට හිරිහැර කළාට දඩ
මල්ලව Thursday, 25 August 2011 06:29 AM
හොද වැඩේ........
සුනිමල් Friday, 16 November 2012 10:20 PM
ඇත් පැටවාගේ අයිතියක් උගේ අම්මාට හිමිවෙන්නේ නැද්ද? (නි)