යුරෝපයේ විශාලතම සිංහල සහ හින්දු අවුරුදු සැණකෙළිය ලෙසට සැලකෙන ලන්ඩන් නුවර කින්ස්බරි බක්මහ උළෙල 25 වැනි සෙනසුරාදා උදේ10 සිට මධ්‍යම රාත්‍රියේ පවත්වන බව කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියෝ පැවසුහ.
ලන්ඩන් නුවර විශාලතම ගෘහස්ථ රංගපීඨයක් වන හැරෝ ලෙෂර් සෙන්ටර් සහ එයට යාවූ ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන කින්ස්බරි බක් මහ උළෙල මෙවරත් සියලුම සම්ප්‍රදායික ශ්‍රී ලාංකික අවුරුදු ක්‍රීඩා සහ චාරිත්‍ර වාරිත්‍ර වර්ණවත් වන බව ද උන්වහන්සේ කියති.
උදේ 10 ට ක්‍රීඩා තරග ආරම්භ වෙයි. ලිස්සන ගස, කොට්ට පොර, බයිසිකල් ධාවන තරග, පොල් ගෑම, කනා මුට්ටි, අලියාට ඇස තැබීම, පොල් අතු විවීම, බනිස් කෑම, විකට ඇඳුම් තරගය, ධාවන තරග ඇතුළු සියලුම සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා සඳහා ළමයිනට මෙන්ම වැඩිහිටියන්හට ද සහභාගිවීමේ අවස්තාව ඇති බව සංවිධායකයෝ කියති.
දහවල් 3 සිට සවස 5 දක්වා සංස්කෘතික සංදර්ශනයක් සංවිධානය කර ඇත.
කින්ස්බරි ශ්‍රී සද්ධතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසලේ දරු දැරියන් සමඟ ශ්‍රී ලංකා අධ්‍යාපන, සංස්කෘතික සහ සුභසාධන පදනමේ නර්තන අංශයේ ශිල්පීන් මෙම සංස්කෘතික සංදර්ශනයට සහභාගි වෙතියි කියති.
නර්තන සහ ගායන අංගයන් පුහුණු කරවීම සඳහා මහාචාර්ය මුදියන්සේ දිසානායක ලන්ඩනයට පැමිණ සිටී. ප්‍රවීන නර්තනාචාර්ය ඒ.පී.අත්තනායක සහ රසිකා අත්තනායක ඔහුට සහාය වෙයි.
ළමා අංශයේ පුහුණුකිරීම් දහම් පාසලේ ගුරුමණ්ඩලයේ සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරෙයි.
සවස 6 සිට රාත්‍රී 12 දක්වා සංගීත ප්‍රසංගයක් පැවැත්වෙයි.
ශ්‍රී ලාංකික ආහාර පාන සහ සිල්ලර බඩු අලෙවි සල්පිලක් ද සංවිධානය කර ඇත.
දවස පුරාවටම සැණකෙළිය පැවැත්වෙන සියලුම ස්ථානයන්හි මත්පැන් භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් බවද බක්මහ සැණකෙළිය සංවිධායකයින් දන්වා ඇත.
මෙවර බක්මහ උළෙල සංවිධානය කිරීම සඳහා ඉමහත් වෙහෙසක් ගෙන කටයුතු කළ සහ අනුග්‍රහය දැක්වූ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කරන බවද පියදස්සී හිමියෝ පැවසුහ.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොහා තවමත් ලන්ඩනයේ