IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කහවත්තෙදි වෙඩි කෑ එජාප අධාරකරු මරුට

කහවත්තේ දී පසුගිය පස් වැනි දා අළුයම වෙඩි පහරට ලක් වූ ශාන්ත දොඩංගොඩ එක්සත් ජාතික පාක්ෂිකයා රත්නපුර මහ රොහලේ දැඩි සත්කාර ඒකකයේ දී අද මරුමුවට පත් විය.

කහවත්තේ ඡන්ද රැලියක් සරසමින් සිටිය දී ඔහුට වෙඩි වැදිනි.

ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චෙකා මල්ලි) සබරගමුව පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභා සභාපති වජිර අත්අඩංගුවට ගන්නැයි දිනේශ් ලක්මාල් ද සිල්වා සහතා පෙරේදා (05) පොලිසියට නියෝග කළේය.

එහෙත් පොලිසිය ඔවුන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

මෙම වෙඩි තැබීමට තමා සම්බන්ධ නැතැයි ‘චොකා මල්ලි‘ කියයි.

 

 



අදහස් (0)

කහවත්තෙදි වෙඩි කෑ එජාප අධාරකරු මරුට

අජිත් කරුණාරත්න Thursday, 08 January 2015 04:29 AM

ජනතා අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවිදුන් ඔබට නිවන් සුව! (නි)

:       0       0

සම්පත් Thursday, 08 January 2015 05:09 AM

නහින දෙහින කලේ පිනක් දහමක් කරන ඉන්නේ නැතුව ගියා දේශපානය කොරන්න. කාටත් ඕව හොද පාඩම්. (නදී)

:       0       0

ලංකා තිලක් Thursday, 08 January 2015 05:19 AM

මේ වගේ පුවත් වලදී බන්දුල පෙරේරාව හොයා ගන්නවත් නැහැ හැංගිලා ඉන්නේ.මොකද එයාම දන්නවා එයාගේ අදහසට ලැබෙන ප්‍රතිචාර ඇගට එතරම් ගුණ නොවන විත්තිය.(නදී)

:       0       0

අශානි Wednesday, 07 January 2015 12:03 PM

යහපත් රටක් හෙට සිට අරඹමු.ඒ වෙනුවෙන් දිවිපිදු ඔබට නිවන් සුව! (නි)

:       0       0

සංජීව Thursday, 08 January 2015 05:31 AM

ඔබ විරුවෙකි ! (නදී)

:       0       0

මානවි Wednesday, 07 January 2015 12:15 PM

වෙඩි තැබීමට සම්බන්ධ නැත්නම් පැනලා ගියේ ඇයි? (නි)

:       0       0

කාගිල් Wednesday, 07 January 2015 12:20 PM

මොකද පොලිසිය තවම බලාගෙන ඉන්නේ? ජනතාව නියම තත්ත්වය තේරුම් අරගෙන සුදුස්සා සුදුසු තැන තැබිය යුතුය. (නි)

:       0       0

සුනිල් Wednesday, 07 January 2015 12:42 PM

මේකද රටේ තත්ත්වය? (නි)

:       0       0

අමල් Wednesday, 07 January 2015 12:40 PM

මෙම වෙඩි තැබීමට තමා සම්බන්ධ නැතැයි චොකා මල්ලි කියනවා නම් ඉතින් තව මොනවද? එතුමා බොරු කියනවද? (නි)

:       0       0

අශේන් Wednesday, 07 January 2015 12:48 PM

මෙන්න ලංකාවේ නීතියට වෙලා තියෙන දේ. දැන්වත් බුද්ධිමත් වෙන්න. (නි)

:       0       0

විරාජ් ඒකනායක Wednesday, 07 January 2015 01:16 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 07 January 2015 01:30 PM

උසාවියට ඉදිරිපත් කරන්න බැරිනම් සැඟවූ ආයුධ පෙන්වන්න ගෙනියන්නවත් පොලිසියට බැරිද? (නි)

:       0       0

විජය Wednesday, 07 January 2015 01:56 PM

අහිංසක මිනිසුන්ට වෙඩිතැබූවන් ගැන මට නම් ඇත්තේ පුදුම තරහක් (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 07 January 2015 02:04 PM

ජනවාරි 9 වෙනිදා උදේම අපි මේවාට පිළිතුරු දෙන්නම් (නි)

:       0       0

චමිල-පානදුර Wednesday, 07 January 2015 02:15 PM

මොනම දේශපාලන මතයක් දැරුවත්, මිනිසුන්ව මේ විදියට ඝාතනය කරන එක නම් මහා අපරාදයක්. (ර)

:       0       0

කුමාර් වාස් Wednesday, 07 January 2015 02:57 PM

නිවන් සුව ප්‍රර්ථනා කරමු .පව්ලේ අයට ශෝකය ප්‍රකාශ කරමි. (ර)

:       0       0

ඉසුරු උපේන්ද්‍ර Wednesday, 14 January 2015 02:30 AM

ඉක්මනටම අනිත් අයත් අත්අඩංගුවට ගනී කියල අපි විශ්වාස කරනවා. (නදී)

:       0       0

කේ. පෙරේරා Wednesday, 07 January 2015 03:19 PM

මේ වගේ ප්‍රචණ්ඩ වැඩ කරලද ඡන්දය දිනන්න හදන්නේ ? පවු අහිංසක ජීවිතයක්! හෙට ජනතාව නිසි පිළිතුරක් දෙයි. (නි)

:       0       0

නලීන් Wednesday, 07 January 2015 03:23 PM

රටට ගිය කලක්! (නි)

:       0       0

වීරසේකර Wednesday, 07 January 2015 03:28 PM

වරදක් කළේ නැත්නම් මොකටද ගමෙන් පැන්නේ?දැන් උණගැනිලා ඇති කළ මෝඩකම මතක්වෙන ගානට . (නි)

:       0       0

කුමාර. Wednesday, 07 January 2015 03:29 PM

පොලීසිය ස්වාධීන ආයතනයක් බවට පත්කළහොත්, ලංකාවේ කිසිම අපරාධකරුවෙකුට හැංගෙන්න පුළුවන්කමක් නැහැ. ඇත්තටම අපේ පොලීසිය දක්ෂයි . කරන්න ඕනෑ, එයාලගේ රාජකාරියට පිටතින් අතපොවන එක නතර කරන එකයි. රට මෛත්‍රී පාලනයක් වෙනුවෙන්, වෙනස්විය යුතුයි . (නි)

:       0       0

සාලිය ප්‍රභාත් Wednesday, 07 January 2015 04:08 PM

9 වෙනිදාට පසුව හයපත් හෙටක් ගොඩ නඟන්න අදිටන් කරගෙන හංසයාට ඔබේ කතිරය ගසන්න.චොකා මල්ලිලාගෙන් තොර සාමකාමී රටක් ,යහපත් දැයක්! (නි)

:       0       0

ප්‍රශාන් Wednesday, 07 January 2015 04:57 PM

මෙවැනි වාතාවරණයක් තුළ මෙ රට සුරක්ෂිත රටක්ද?මෙවැනි රටක අනගතය සුබ වේද? (නි)

:       0       0

සුමින්ද Wednesday, 07 January 2015 05:40 PM

නීතියක් නැති රටක්. මිනිස්සු මරන්නේ බල්ලෝ බළල්ලු මරනවා වගේ. යහපාලනයක් වෙනුවෙන් 8 වෙනිදා පෙළගැසෙමු. (නි)

:       0       0

මංජුල Wednesday, 07 January 2015 08:03 PM

කට්ටිය 9 වෙනිදා වෙනතුරු මොකටද දන්නෙ නැහැ බලාගෙන ඉන්නේ? අනේ පවු! (නි)

:       0       0

හසිත් Wednesday, 07 January 2015 09:09 PM

අද දවසේ මොළය පාවිච්චි නොකළොත් මේක අපි හැමෝටම මුහුණ දෙන්න වෙන්න පුළුවන් දෙයක්. (නි)

:       0       0

වීරසිංහ Wednesday, 07 January 2015 09:12 PM

වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

සීමොන් Wednesday, 07 January 2015 09:45 PM

මොන පක්ෂයේ වුවත් මේ නැතිවෙන්නේ වටිනා ජීවිත නොවේද? (නි)

:       0       0

සුනිල් Wednesday, 07 January 2015 11:43 PM

8 වෙනිදා වෙනතුරු ඉවසන්න (නි)

:       0       0

වනිගතුංග Thursday, 08 January 2015 12:59 AM

අපරාදේ ජීවිතයක්! (නි)

:       0       0

ආනන්ද Thursday, 08 January 2015 02:12 AM

රට වෙනුවෙන් දිවි පිදු ඔබට නිවන් සුව! (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 08 January 2015 03:21 AM

පිවිතුරු හෙටක් සඳහා දිවිපිදු ඔබට නිවන් සුව පතමි. පවුලේ අයට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site