IMG-LOGO

කෙහෙල් බද්දර පද්මෙට පාස්පෝට් හැදූ සහකාර පාලක රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්හි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර පද්මෙ යන අයට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළේ යැයි කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා ලබන 29 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද නියෝග කළේය.

රහස් පොලිසිය මගින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් අනුර සම්පත් බණ්ඩාර නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

විදෙස් ගමන් බලපත්‍රය ඉල්ලා සිටින කෙසෙල් බද්දර පද්මේ නමැති  ඉල්ලුම් කරු පෙනී නොසිට  ,ව්‍යාජ හැඳුනුම්පත් අංක සහිතව අසත්‍යය තොරතුරු සහිතව ඉදිරිපත්  කරන ලද අයදුම් පත්‍රයකට  විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කරමින් ආගමික විගාමික පනත හා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ වරදක් සිදු කර ඇති බවට රහස් පොලිසිය කල කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 



අදහස් (3)

කෙහෙල් බද්දර පද්මෙට පාස්පෝට් හැදූ සහකාර පාලක රිමාන්ඩ්

අරවින්ද මොණරවිල Tuesday, 27 May 2025 04:19 PM

සහාකාර ආගමන විගමන පාලකවරුන්, සහකාර රථවාහන කොමසාරිස්වරුන් අමාත්‍යාංශ ලේකම්වරන් ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් මහ ඇමතිවරුන් එක පෝලීමේ බන්ධනාගාර වෙනවා අපේ හාමුදුරුවනේ ! ඒ පෝලීමට දැන් අඩු හිටපු ජනාධිපතිවරයෙක් විතරයි.

:       9       34

Chamara Tuesday, 27 May 2025 06:30 PM

මේ පාස්පෝට් එක පාතාල නායකයෙක්ට හදන බව දන්නවා නම්, ආගමන විගමන පාලක වරයාව අත්අඩංගුවට ගන්න වුවමනා සාක්ෂි තිබේ නම් මේ පාස්පෝට් එක නිකුත් වීමට ඉඩ හැර වසරක් වගේ බලා සිටියා නම් ආගමන විගමන නිලධාරියා මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවාත් නීතියේ රැහැනට අල්ලා ගන්න තිබුණා...

:       1       12

රුවන් Tuesday, 27 May 2025 06:50 PM

ලංකාවේ දේශපාලුවෝ කිව්වාට බැලින්නම් රාජ්‍ය අංශයම දූෂිතයි, පාතාලය අත්දෙනවා. අලුත් ආණ්ඩුව හින්දද මෙච්චර හොරකම් එළි වෙන්නේ...?

:       6       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 623 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site