IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෙහෙලිය ඉල්ලා අස්වෙයි

(අංජුල මහික වීරරත්න)

කෙහෙලිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

රඹුක්වැල්ල  මහතා ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

 ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ්  බන්ධනාගාර ගත කෙරිණි.

කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී එල්ල වූ අදාල චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගයන් ද ඉදිරිපත් කෙරිණි. 



අදහස් (19)

කෙහෙලිය ඉල්ලා අස්වෙයි

Aravinda Monarawila Tuesday, 06 February 2024 03:08 PM

ඉල්ලා අස්වන තුරු බලාගෙන හිටියා කොන්ද පණ තිබුණේ නෑ... කණෙන් අල්ලලා එළියට දාන්න...

:       8       131

Pradeep Kumara Tuesday, 06 February 2024 03:11 PM

තේරුමක් නැති වැඩක් මහත්තයෝ. ඔයාගේම කතාවට අනුව රෝහල්ගත වන හැමෝම සුව වී නැවත එන්නේ නෑනේ...!

:       0       83

Nimal Tuesday, 06 February 2024 03:18 PM

පිනාධිපතිටවත් කොන්දක් තිබෙනවද මේ හොරුන්ව කනෙන් අල්ලලා එළියට දමන්න.

:       9       87

PATTA hora Tuesday, 06 February 2024 03:38 PM

ඇයි අමතක වුණාද පිනාත් හොරා? පිං ජනාගේ මූලිකත්වයෙන් මහ බැංකුව කොල්ලකෑවේ. හොරු, හොරු ආරක්ෂා කරනවා...

:       8       82

HafeelTuesday, 06 February 2024 04:11 PM

ඔහුව ඡන්ද 133 දීලා පත් කළේත් හොරුන්. ඉතින් හොරුන් නැතුව ඔහුට ගමනක් නැහැ. ඔහුගේ කැබිනට් එකේ ඉන්නවා කප්පම්කාරයක්, සතොස හොරෙක්, මිනීමරුවන්, තවත් නොයකුත් දූෂිතයින් ඉන්නවා. ඔතැන පරිසිදු අවංක චරිතයක් හොයන්නවත් නැහැ...

:       4       69

thushara Tuesday, 06 February 2024 03:18 PM

ඔව් ඉතින් ඉල්ලා අස් නොවුණොත් ඊළඟට ගේන විශ්වාසභංගයට පොහොට්ටු සෙට් එකට " මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වෙනවානේ...!

:       4       73

Rata Perata Tuesday, 06 February 2024 03:24 PM

කොන්දක් නැති, දුර්වල කෙනෙක් රටේ නායකයා වුණාම ඔහොම තමයි. හොරුන්ට ඕන විදිහට තමයි වැඩ වෙන්නේ.

:       9       70

Pinjana Tuesday, 06 February 2024 03:43 PM

දැන් ඉතින් කට්ටියට යන තැනට කටයුතු යෙදී ගෙනඑන්නේ. අලි, පොහොට්ටු පූට්ටු දැම්මත්, සජබ අය මාට්ටු කරගත්තත් වානා. දැන් හොරුන්ගේ වෙස්මුහුණු ගැලවෙනවා...

:       4       61

චන්දන Tuesday, 06 February 2024 03:44 PM

හරි නම් අත්අඩංගුවට ගත්දවසේම ඉවත්කරන්න තිබුණා. මේකෙන් තේරෙන්නේ ඉහළම පුටුවේ ආශිර්වාදය මෙයාට තියෙන බව...

:       5       68

achini Tuesday, 06 February 2024 03:45 PM

ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරන්න ඕනෑ ...

:       3       60

m. saman perera Tuesday, 06 February 2024 03:57 PM

අපායට තමයි යන්න වෙන්නේ...

:       0       49

menaka Tuesday, 06 February 2024 04:54 PM

දැන් බදු ගහලත් ඉවරයි...

:       1       32

Buddika Tuesday, 06 February 2024 05:00 PM

රටේ අසරණ මිනිස්සුන්ගේ ලෙඩට ගේන බෙහෙතින් හොරාකාලා ජීවිත අනතුරේ දාලා දැන් ඉල්ලා අස්වෙන්නේ.. මේවා මොවුන්ගේ පරම්පරාවටම හෙනගහන අපරාධ... මහනුවර මිනිස්සු මේ වගේ අය පාර්ලිමේන්තු එවන්න ඡන්දේ දෙන්නේ නූගත්කම නිසාද?

:       0       53

ලලිත් Tuesday, 06 February 2024 05:28 PM

කෙහෙලිය ඔබ එනතුරු යමරජු බලා සිටියි... පසුව මයිනාද පැ⁣මිණෙනු ඇත. නාමල් ටික කලකින් පැමිණීම බලාපොරොත්තු වන්න...!

:       1       41

sarath Tuesday, 06 February 2024 07:21 PM

මන්ත්‍රී කෙනෙකුට තියෙන්න ඕන පින් පාට මූණක්... අපේ අයගේ මූණවල් පේනවා නේද? යක්කු, මලපෙරේතයින් වගේ... රටට වාසනාව එන්නේ කොහොමද?

:       0       32

RavinWednesday, 07 February 2024 07:43 AM

මේ කෙහෙළිය වානරයයි, කතා නායකයි, ප්‍රසන්න බඩයි තුන් දෙනාම මූණු එකයි.

:       0       1

ගමේ එකාලා Tuesday, 06 February 2024 08:57 PM

රටම හොරාකාලා විනාශ කරපු මහාපරිමාණයේ හොර, දූෂිතයෝ තවමත් ඉන්නවා. ඔවුන්ටත් දෙවියන්ගේම පිහිටයි..

:       0       0

Perera Wednesday, 07 February 2024 08:14 AM

මෙයාගේ විශ්වාස භංගය පරදවපු 103න් දෙනාත් ඉල්ලා අස්විය යුතුයි... මේ වගේ කෙනෙකුට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරපු නිසා...!

:       0       0

Jayasekara Wednesday, 07 February 2024 09:07 AM

පරම්පරා ගාණකට.. මෙයාගේ ළමයිනුත් මී මුත්තෝ වෙලත් ඔවුන්ගේ ළමයින්ටත් මෙලෙහකටත් හම්බකරලා ඉවරයි. මොවුන්ගේ මලගෙවල්වලත් මොවුන්ගේ ගුණ කියන අපේ හාමුදුරුවෝ ඉන්නවනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site