බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකු වන කිත්සිරි කහටපිටියගේ (එජාප) හොරණ ගෙදර සිටිය දී වනජීවී බාරයට ගත් ඇත් පැටවාගේ සන්තක භාවය ඔප්පු කිරීමට නොහැකිවූයෙන් ඇත් පැටවා මින්නේරිය වනජීවී පුහුණු පාසලට බාර දෙන ලෙස හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය නියෝග කළාය.
මෙම ඇත් පැටවාගේ අයිතිකරු ලෙස දෙපාර්තමේන්තුවේ පොත් දෙකක සටහන් දෙකක් ඇතැයි අධිකරණයේ දී කියැවිණි.
අලියා දෙහිවල සතුන් වත්තේ අධ්‍යක්ෂ භාරයේ ඇතැයි එක් පොතක ද, අලියා කහටපිටිය මහතා භාරයේ සිටිතියි තවත් පොතක ද සටහන් වේ.
කහටපිටිය මහතා අධිකරණයට පැමැණ සිටියේ නැත.
ඇත් පැටවාගේ තුවාල වලට බෙහෙත් කරන හෙයින් එම පැටවා ද අධිකරණයට ඉදිරිපත් කළේ නැත.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කහටපිටියගේ අලියා මින්නේරියට
ගැමුණු Tuesday, 03 February 2015 04:39 AM
කහටපිටිය ගැන අපි හොඳට දන්නවා (නි)
තිලකරත්න Tuesday, 03 February 2015 04:39 AM
මොනවා වුණත් අන්තිමේදී අලියා සතුටින් සිටිවී (නි)
හේමන්ත Monday, 02 February 2015 06:32 PM
කැලේ ඉන්න අලි ගෙවල් අස්සේ දාගෙන විඳින දුකක්. හරියට අහක යන නයි කොහෙද දාගෙන කනවෝ කනවෝ කියනවා වගේ වැඩ තමයි මේවා. (නි)