IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කංසා වලට දුන් තැන රා වලටත් ඉල්ලයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කංසා වලට වගේම කිතුල් රා වලටත් සහය දෙන්නැයි ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

බදුල්ල පස්සර ප්‍රදේශ වල වස විස නැති රා තිබෙන බව කී චාමර සම්පත් මහතා නමුත් තවමත් කිතුල් රා ගොවියාට සාධාරණයක් ඉටු වූයේ නැති බව කීය.

කඳුකර ප්‍රදේශ වල ජනතාව වසර  ගණනාවක සිට රා පාවිච්චි කළ අය බවද  රා නිෂ්පාදනය සම්බන්ධ නීති අඩු කරන්නැයි ඉල්ලා  සිටින බවද කී චාමර සම්පත් මහතා පොලිසිය රා හොඳට හදන කෙනා වගේම නරකට හදන අයත්  කුදලාගෙන යන බවද සඳහන් කළේය.

තමා සිරිකොත මිදුලට වත් ගිහිපු නැති සිරිකොත තියෙන තැනවත් දන්නේ නැති නමුත්  ජනපතිට සහය දෙන බව චාමර සම්පත් දසනායක මහතා කීය.



අදහස් (11)

කංසා වලට දුන් තැන රා වලටත් ඉල්ලයි

Prabha Tuesday, 15 November 2022 04:04 PM

ඔන්න බදුල්ලෙ අශ්චර්ය

:       1       7

K d sujeewa Tuesday, 15 November 2022 04:27 PM

හොඳ අදහසක්

:       3       11

thilak Tuesday, 15 November 2022 04:31 PM

සිය රට දේ සිරි සැප දේ.

:       2       9

Senarath Tuesday, 15 November 2022 04:56 PM

මෙයාගේ ඇඟේ තරමට මොළෙත් තිබුනා නම් මෙහෙම කියන්නේ නැහැ .රා හදන්නේ නැතිව කිතුල් පැණි හැදුවම කොතරම් ලොකු මුදලක් ගන්න පුලුවන්ද .අද හොඳ පැණි බෝතලයක් රුපියල් 1000 ට වඩා වැඩියි .මෙයා නේද පාර්ලිමේන්තුවේදී කිවුවේ මට නම් ඔය කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා

:       1       2

Wimaladasa Tuesday, 15 November 2022 05:01 PM

කිතුල් රා කිව්වම ඉස්සර කසිප්පු මෙතරම් නැති කාලයේ රාජකාරි සදහා ප්‍රධාන නගරවල සිට ගගම්වලට යන නිළධාරින් බොහෝවිට කිතුල් රා බීමට කැමැත්ත දැක්කුවා.ඉතින් එහෙම වෙලාවට ගමේ මිනිස්සු එකතුවෙලා මයියොක්කා තම්බලා කිතුල් රා සකසා සංග්‍රහ කරන්න සැදී පැහැදී සිටියා.නිළධාරින් වුනත් ජනයාට උපරිමයෙන් උදව් උපකාර කලා.ආදායම් නිළධාරින් නැත්නම් උප දිසාපති තුමන්ලා බසයෙන් හා පාගමනින් ගම්වලට ගොස් ජනතා දුකට පිහිටවුනා.ආපසු යාමට බැරිවුනොත් ගමේ කොතැනක හෝ රාත්‍රිය ගතකලා අතරමගදී කෙනෙකුට සහතිකයේ අනු අත්සන් අවශ්‍ය වුනොත් ඔහුගේ පිටේ සහතිකය තබා අත්සන් කර මුද්‍රාව තැබීමට තරම් ෙෙඑතුමන්ලා කාරුණික වුනා .මෙම මංත්‍රිතුමා කියනදේ කලොත් විෂ කසිප්පු නිසා සිදුවන ජීවිත හානි අඩුවෙන්න පුළුවන් කාලෝචිත අදහසක්

:       1       4

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 15 November 2022 05:37 PM

" විදුහල්පතිනි දන ගැස්සුවෙ රාද එදා ... පදමට මදුවිතට දෙන්නද පාර සදා ... ගොවියා කොහොම ගස් මැද්දේ කියනු සොඳා ... හෙළයේ නොමැති බස් වහරක් කිමද යොදා ... "

:       0       4

චතුරි Tuesday, 15 November 2022 06:20 PM

දැන්නම් කට්ටිය පාර්ලිමෙතු එයි වේලාසනින්ම. කියලවත් කර ගන්න බැරි දෙවල් ඉශ්ට වෙනනිසා. නඩේගේ පවුලේ උන් සේරම. දැන් ගන්ජා වවන්න පටන් අරන් ඇති. ඉදිරියෙදි විශෙශ ගුවන් ගමන්. දැක ගන්න පුලුවන් වෙයි. මගින් නතර කරලා. මොන්දේ කෙරුවත් වැඩක් නැහැ. තෙම්පරදුවෙලා. නකුටු. වෙලා ඉන්නනඩේ ඉන්නකම්. ආදායම පෙන්නයි ඒවාඒ සැනින් වාශ්ප වෙයි. ර්ජ්ජුරුවන්ගෙ පුත්තු. දැනටමත් වැඩ පටන් අරන් ඇති. තායි ලන්තෙන් පොඩිකෙල්ලො ගෙනත් ඉන්නෙ. ගෙදර නතර කරන්. පර්ක්ශන කරන්න වෙන්න ඇති. රත්තරන් බිත්තර දාන කිකිලියෝ හැදුවත් වැඩක් නැහැ. අවන්ක තරුන නයකයින් බිහි වෙනකම්

:       2       2

ranjith Tuesday, 15 November 2022 09:19 PM

රට බංකොලොත් කරලා දැන් මත් පැන් ගංජා වල පිහිට පතන අනුවන මිනිස්සු.

:       2       0

Perera Wednesday, 16 November 2022 05:51 AM

ඊට වඩා හොඳ නැද්ද වඩේ වලටයි ප්ලේන් ටී වලටයි තැනක් දුන්නා නම් ?

:       2       1

ලමය Wednesday, 16 November 2022 07:48 AM

මුට නම් එක හුස්මට රා ගැලුන් දෙක තුනක් බොන්න පුලුවන් බව පේනව

:       0       2

podiaarachchi Wednesday, 16 November 2022 10:09 AM

ජර්මනියේ බයෝ ෂොප් වල ලංකාවේ කිතුල් පැණි බෝතලයක් යූරෝ 20 කට විකිනෙන බව කරුණාවෙන් සලකන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site