IMG-LOGO

කාසි නැතුව පවුල් 20 ක් නාය කටේ

පන්විල හාතලේ වතුයායේ පවුල් 20 ට අයත් ලයින් කාමරවල වෙසෙන ජනයා නව ඉඩම් වල නිවාස තනා ගැනීමට මුදල් නොමැතිව අපහසුතාවයට ලක්ව සිටිති.

මෙම ප්‍රදේශය නායයෑමේ අවදානමට ලක්වුයේ 2006 වසරේ සිටය. මෙම ජනයා වාසය කරන ලයින් කාමර ආසන්නයේ පිහිටි කන්දෙන් ගල් පෙරලීමේ අවදානමක් ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට 2008 වසරේදි දැනුම් දී ඇත.

2011 වසරේදී මහනුවර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මෙම ජනයාට එම ඉඩමෙන්ම  ඉඩම් කැබලි ලබා දුන්නද පවුල් කිහිපයක් මිල මුදල් නොමැති කමින් තම ජීවිත අවදානමෙන් එම ස්ථානයේම  නැවතී ඇත.

මොවුන්ගේ ජීවිත කොයි මොහොතේ හෝ අවදානමට ලක්වීමට ඉඩ ඇති බැවින් ඔවුනට ලබාදුන් ඉඩම්වල නිවාස තනා ගැනීමට රජයෙන් යම් මුදලක් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

 



අදහස් (0)

කාසි නැතුව පවුල් 20 ක් නාය කටේ

ඉසුරන්දි Saturday, 08 November 2014 08:33 AM

නිවාස වැඩපිළිවෙල කොළඹ හා තදාසන්න ප්‍රදේසවලට විතරක් සිමා නොකර මේ වගේ දුෂ්කර පළාත්වල ඉන්න මිනිසුන්ටත් සහනයක් ලබාදෙන්න කටයුතු කරන්න. (අ)

:       0       0

රත්න Friday, 07 November 2014 09:42 AM

මේ ඉස්තාලෙත් අශ්වයා පැන්නට පස්සෙ වහන්න. ආධාර ගන්න පුළුවන්නේ. (හේ)

:       0       0

සුගතදාස Friday, 07 November 2014 09:55 AM

ප්‍රශ්නයක් වෙන්න කලින් මේ ගැන බලන්න.විසදුමක් දෙන්න.(හේ)

:       0       0

ජීවන්ත Friday, 07 November 2014 10:07 AM

මේවත් "මෝඬ සුද්දෝ හදපු ඒවා" ලු. ගම්මන්පිල මහත්තයාටයි, මහින්ද අමරවීර මහත්තයාටයි ඒකනිසා කරන්න දෙයක් නැතිලු. (බ)

:       0       0

චාමර මදුසංක Friday, 07 November 2014 02:05 PM

මේවා ගැන පෙර දැනුම්දීමක් කර අවශ්‍ය කටයුතු කිරිමයි යුතුකම වන්නේ. මෙය බලධාරීන්ගේ ඇස ගැටී විසඳුමක් ලැබේවා! ලංකාදීපට ජය ශ්‍රී! (නි)

:       0       0

අමිල Friday, 07 November 2014 02:51 PM

හැම දේම වුණාට පස්සේ ඒ ගැන බලයි.(හේ)

:       0       0

ධනුෂ්ක ජයවර්ධන Friday, 07 November 2014 02:50 PM

අපේ අය හැමදාම වැඩ කරන්නේ ඒ දේ වුනාට පස්සේ ඉතින් දැන්වත් ඉක්මනින් ඒ අය ආරකෂා කරගන්න නැත්තම් තවත් කෙදවාචකක් ඉතිහාස ගතවෙයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1781 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site