
(හේමන්ත රණසූරිය)
කසිප්පු ජාවාරම්කරුවකු අල්ලන්න ගිය පොලිස් සැරයන්වරයකුට කසිප්පු ජාවාරම්කරු කියන තැනැත්තා කැත්තකින් කොටා බරපතළ තුවාල සිදුකර ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.
ඇටවීරගොල්ලෑව මොරගොඩ ප්‍රදේශයේ දී මෙලෙස කැති ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් සැරයන් වරයෙකි.
මොරගොඩ ප්‍රදේශයේ පදිංචි පනස් හත් හැවිරිදි සැකකරුගේ ගෙවත්තේ නීති විරෝධී මත්පැන් සඟවා ඇති බවට ඇටවීරගොල්ලෑව පොලීසියට ලද තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන් ඉලක්ක කරගෙන මෙම කැති ප්‍රහාරය එල්ලකර ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිසිදු පලතුරු ගෙඩියක් කියල හිතල වෙන්න ඇති කොටල ඇත්තෙ.
පෙර දැනුම්දීමක් නොකර කළුවරේ හොරෙන් යන්න ඇති. මිනිස්සු මේ දවස්වල ටිකක් සෝදිසියෙන් ඉන්නේ හොර සතුරන්ගේ බයට. හොරෙක් කියලා කොටන්න ඇති.