(අංජුල මහික වීරරත්න)

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහයක් කරමින් සිටියදී පහර දීමක් විනැයි කියමින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු බලන්ගොඩ කස්සප හිමි කැමැත්තෙන් ටිකට් කපාගෙන ගිය බව ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පැවසීය.

ඊයේ සවස බලංගොඩ කස්සප හිමියන් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන විත් තිබුණා. උන්වහන්සේට අවශ්‍ය මූලික ප්‍රතිකාර සහ මූලික පරීක්ෂණ සිදු කළා. නමුත් වැඩිදුර ප්‍රතිකාර සඳහා වාට්ටුවට ඇතුළත් කරන ලෙස උන්වහන්සේට දන්වා සිටියේ අවස්ථාවේදී තම කැමැත්තෙන්ම රෝහලෙන් බැහැර වන බවට අදාළ ලේඛනවල අත්සන් තබා උන්වහන්සේ බැහැර ගොස් තිබෙනවා. යනුවෙන්ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.