(බී. ජී චතුරංග)

අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිම අසල දන්සල් කලාපයේ සත්‍යග්‍රහයක් පවත්වාගෙන ගිය  බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් අද  උදෑසන සිට එම ස්ථානයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කලහ.

යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම සඳහා යෝජිත කෙටුම්පත මහා හකුළා ගන්න ලෙස සහ  ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා ගැනීම සඳහා කටයුතු කරන බවට මහනායක හිමිවරුන් දුන් පොරොන්දුව ඉටු කරන ලෙස ඉල්ලමින් මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළහ.

යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්මට එරෙහිව  බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සහ ගිහි පිරිසක් ඉකුත් 7 වන සෙනසුරාදා පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි සෑය අසල දන්සල් භූමියේ ඇරඹූ සත්‍යග්‍රහය පස්වන දිනයටත්  අද දින පැවැත්විණි.

එම ස්ථානය අසල පෙරහරක්ද සංවිධානය කර තිබුණේ.

භික්ෂූන් වහන්සේ එම මාරාන්තික උපවාසය ආරම්භ කළේ එම භූමියෙන් වහා ඉවත් වන්නැයි අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා ඉකුත් සෙනසුරාදා  තහනම් නියෝගයක් නිකුත් කර තිබූ පසුබිමකය.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට  වැඩම කර ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ය කස්සප හිමිට දැනුම් දී තිබියදී මෙම උපවාසය ආරම්භ කළහ.

බලන්ගොඩ කස්සප හිමිපාණන්ට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට වැඩම කරන ලෙස දන්වා ඇත්තේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා පසුගියදා විහාරමහා දේවී උද්‍යානයේදී පැවති සත්‍යග්‍රහයේදී කස්සප හිමිට පහර දුන් බවට මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව උන්වහන්සේගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටය.

මෙම මාරාන්තික උපාසය ආරම්භ කිරීමට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළ බලංගොඩ කස්සප හිමි මෙසේ සඳහන් කළහ.

"මමත් අපේ ස්වාමීන් වහන්සේලා ඊයේ දහවල් 12ට කලින් දාන වැලඳුවට පස්සේ ගණ ආහාර වැළඳුවේ නැහැ, අද වෙනකන්. මේ මොහොතේ ඉඳන් අපි වතුර බිඳක්වත් පානය කරන්නේ නැහැ. ඒ නිසා අපි ජනතාවට සිහිපත් කරනවා මෙතෙන්ට එන අයට අපට මේ මොහොතේ ඉඳන් කිසිදු වතුර බෝතලයක්වත් පූජා කරන්න එපා. අපි සම්පූර්ණයෙන්ම ආහාර වලින්, ගිලන්පස වලින්,  වළකිනවා කොන්දේසි දෙකක් මත.

අපේ මහනායක හාමුදුරුවෝ හතර නමගෙ ඉල්ලීමට තමයි අපි විහාර මහා දේවී උද්‍යානයෙන් ඉවත් වුණේ. ඒකෙන් කිව්වේ නැහැ ඥානසාර හාමුදුරුවෝ නිදහස් කර ගැනීමේ සටන අවසන් කියලා. පළවෙනි කොන්දේසිය අපි පනවන්නේ මහනායක හාමුදුරුවෝ සිව් නම විසින් අපිට දුන් පොරොන්දු පරිදි ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරලා දෙන්න ඕන.