IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කසාවතින් හා සුදුවතින් ග්ලාස්ගෝ නුවර බැබලේ

ස්කොට්ලන්තයේ, ග්ලාස්ගෝ, බෞද්ධ විහාර කඨින පිංකම විහාරාධිපති, කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ, එක්සත් රාජධානියේ සංඝනායක, රාජකීය පණ්ඩිත, කඹුරාවල සිරි රේවත නාහිමිගේ අනුශාසනා පරිදි පැවැත්විණි. කඨීන චීවර පූජා මහා පිංකම, කඨින පෙරහර හා සඟසතු මහා දානය ආදී පිංකම් මෙවරත් ඉතා උත්කර්ෂවත් අයුරින් සිදුවිය.

මහා සංඝරත්නයද, සදුවතින් සැරසුණු පිරිසද ළමා සාරිවලින් සැරසුණු දැරියෝද කඨින චීවරය රැගත් පෙරහරෙහි ගමන් කළහ.

අපවත්වී වදාළ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක බෙල්ලන ශී‍්‍ර ඥානවිමලාභිධාන මාහිමි ගුණ සමරා පුණ්‍යානුමෝදනා කිරීමද විශේෂ කටයුත්තක් ලෙස සිදුකළ අතර උන්වහන්සේ වෙනුවෙන් පුෂ්පෝපහාර පූජාවක්ද පැවැත්විණි.

කඨින චීවර පූජා මහා පිංකම ට ග්ලාස්ගෝ නුවර පදිංචි සිංහල බෞද්ධ මහජනතාවට අමතරව ස්කොට්ලන්ත ජාතිකයෝද විශාල ප‍්‍රමාණයක් පැමිණ සීටීම විශේෂයක් විය.

බර්මින්හැම් මහා විහාරාධිපති, විතාරන්දෙණියේ කස්සප මාහිමි, ලෙච්වර්ත් බෞද්ධ විහාරාධිකාරී මතුගම පාලිත හිමි, වීරකැටිය, නයිගල රාජමහා විහාරාධිකාරී වකමුල්ලේ

උදිත, ග්ලස්ගෝ විහාරවාසී කට්ටකඩුවේ සුමනරතන ඇතුළු හිමිවරු අට නමක් මේ පිංකමට වැඩම කළහ.

ග්ලාස්ගෝ සරසවියේ මහාචාර්ය කෙනත් හට්ස් සතිපට්ඨානය අළලා දේශනයක්ද පැවැත්වීය.

 15398986719_cf56b39efe_c 15399237439_e789eb040a_z 15399303539_f1d2_z 15399303539_f1d227a21c_z

15399747328_79afa2b2b4_z 15399930307_33106601b5_z 15400327630_272d0ec027_z 15562271646_0f34924190_z(1) 15562348206_4b03c4a403_h 15583221131_6c42797f83_z 15583321991_a4b1572545_z 15586560952_a947ca8bf1_z(1)



අදහස් (0)

කසාවතින් හා සුදුවතින් ග්ලාස්ගෝ නුවර බැබලේ

තිස්ස මඩවල Sunday, 26 October 2014 09:54 AM

ඉතාම උතුම් පින්කමක්. පුජ්‍ය කඹුරාවල සිරි රේවත නාහිමියන් අතින් බටහිර රටවල පිවිතුරු බුදු දහම ප්‍රචලිත කරවීම උදෙසා ඉටුවන්නේ උත්තම සේවාවක්. උන්වහන්සේට මෙම ශාසනික සේවාවන් තවදුරටත් වැඩි වැඩියෙන් කරගෙනයාම සඳහා තෙරුවන ආශීර්වාදය,වාසනාව සහ ශක්තිය ලැබේවා. (බ)

:       0       0

සමන් Sunday, 26 October 2014 11:19 AM

ධර්මප්‍රචාරයේ නියම අරුත මෙය නොවේද? ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය විදෙස් වැසියන්ට පෙන්නා දීම සහ භාවනාවත් එයට එකතුකිරීම ඉතාම කාලෝචිතව සිදු කර ඇති බව පෙනේ. විදේශිකයින් කඨින සිවුර අල්ලාගෙන ඉන්න විදිය දැක්කම හරිම සතුටුයි. අපේ ළමයන් නම් තවත් ලස්සනයි ළමා සාරියට. ග්ලාස්ගොව් නගරයේ බෞද්දයින් වාසනාවන්තයි කියා හිතෙනවා. (නදී)

:       0       0

නුවන් Monday, 27 October 2014 05:28 AM

සාධු සාධු සාධු !!!! බුදුසසුන බැබළේවා !!! (නි)

:       0       0

උපාලි Sunday, 26 October 2014 04:01 PM

ඉතාම වැදගත් පින්කමක්.ලෝකෙටම අපේ බුදු දහම දෙන්න ඕනෑ. බුදුදහම කියන්නේ ස්වභාව ධර්මය හා 100% බැඳුනු දහමක්. කිසිම තැනක හොරයක් නැහැ. (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Sunday, 26 October 2014 06:25 PM

ලංකාදීපය මඟින් විස්තර දැනගත්තා.බොහොම කාලෝචිත සේවාවක්. පිටරටක මේවා මේ ලෙසට සාර්ථකව කරගෙන යෑමට උපකාර වූ සැමට බොහොම පින් ලැබෙනවා (නි)

:       0       0

ඉෂාර ගුණසේකර Monday, 27 October 2014 02:56 AM

බුදු සසුන දිනෙන් දින බැබළේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site