IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කෝසල (90)-මිරැන්ඩෝ (33/4)-උඩවත්ත (74) එක්දින පිල තේරීමේ තරගවලදී දස්කම් දක්වති

දකුණු අප‍්‍රිකාවට එරෙහිව ජනවාරි මස 11 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිල තෝරා ගැනිම සඳහා පැවැති තේරීම් තරග දෙකේදී එක්දින පිල නියෝජනය කළ කෝසල කුලසේකර, තිළිණ තුෂාර මිරැන්ඩෝ සහ මහේල උඩවත්ත කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූහ. මෙම තරග දෙක පසුගිය 30 සහ 31 දෙදින එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. පළමු තරගයේදී උපුල් තරංගගේ පිල විසින් කඩුලූ හතරකින් තිළිණ කණ්ඩම්බිගේ පිල ද, දෙවැනි තරගයේදී චාමර කපුගෙදරගේ පිල විසින් කඩුලූ 8 කින් උපුල් තරංගගේ පිල ද පරාජය කරන ලදී. පළමු තරගයේදී කණ්ඩම්බිගේ පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ කෝසල කුලසේකර පන්දු 81 කදී ලකුණු 90 ක් රැස්කිරීමට සමත් විය. දෙවැනි තරගයේදී වමතින් වේග පන්දු යවන තිළිණ තුෂාර මිරැන්ඩෝ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලූ 4ක් බිඳ හෙළිමට ද, ආරම්භක පිතිකරු මහේල උඩවත්ත ලකුණු 74 ක් රැස්කිරීමට ද සමත් වූහ. දෙවැනි තරගය උපුල් තරංගගේ පිල  ඕවර 36.1 කදී 130 (සචිත‍්‍ර සේනානායක 31, සමීර සොයිසා 15, තිලිණ තුෂාර මිරැන්ඩෝ 33/4, නුවන් කුලසේකර 16/2) චාමර කපුගෙදරගේ පිල  ඕවර 18 කදී කඩුලූ 2 ට 131 (මහේල උඩවත්ත 74, ඩිල්ෂාන් මුණවීර 24, භානුක රාජපක්‍ෂ නොදැවී 18, මාලිංග බණ්ඩාර 26/2) පළමු තරගය තිළිණ කණ්ඩම්බිගේ පිල  ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී 183 (කෝසල කුලසේකර 90, තිළිණ කණ්ඩම්බි 33, සුරාජ් රන්දීව් 13, ලසිත් මාලිංග 12, ශාමින්ද එරංග 41/2, තරංග ලක්‍ෂිත 44/3, ෆර්විස් මහරුෆ් 25/2, සචිත‍්‍ර සේනානායක 32/2) උපුල් තරංගගේ පිල  ඕවර 41.3 කදී කඩුලූ 6 ට 184 (ධනුෂ්ක ගුණතිලක 45, උපුල් තරංග 34, ඇන්ජලෝ පෙරේරා 24, සමීර සොයිසා නොදැවී 22, සුරාජ් රන්දීව් 18/2, කෞෂල්‍ය ලොකුආරච්චි 25/2)



අදහස් (0)

කෝසල (90)-මිරැන්ඩෝ (33/4)-උඩවත්ත (74) එක්දින පිල තේරීමේ තරගවලදී දස්කම් දක්වති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site