IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


කසල කළමනාකරණය ගැන පාසල් වලත් උගන්වන්න

(අංජුල මහික වීරරත්න)

කසළ කළමනාකරණය පිළිබඳව ප්‍රජා මට්ටමින්,  පාසල් මට්ටමින්  දැනුවත් කිරීම් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කීවාය.

බස්නාහිර පළාත් කසළ කළමණාකරණය සම්බන්ධයෙන් පත් කළ  විශේෂ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹ දී රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

මෙහිදී බස්නාහිර පළාතේ ගෘහස්ත, වීථි, ආයතනික සහ ව්‍යාපාර හරහා බැහැර වන නාගරීකරණ ඝන අපද්‍රව්‍යය කළමනාකරණයේ වර්තමාන තත්වය, ඝන අපද්‍රව්‍ය හේතුවෙන් පැන නැගී ඇති ගැටළු සහ ඉදිරි සැලසුම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය. 

පළාත් පාලන මට්ටමෙන් කසළ කළමනාකරණය සම්බන්ධයෙන් විෂය දැනුමක් ඇති නිලධාරීන් අවම වීම, කසළ කළමනාකරණය සඳහා සුදුසු ඉඩම් සහ යටිතල පහසුකම් අඩු වීම යන ගැටළු සහ ඒ සඳහා වන විසදුම් ද  මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. 

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කසල කළමනාකරණයේදී ප්‍රජා ශක්ති සහ ක්ලීන් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් යොදා ගැනීම මඟින් විශාල කාර්යභරයක් සිදු කළ හැකි බව අවධාරණය කළා ය.

වෘත්තිය අධ්‍යාපන අංශය හා එක්ව කසළ කළමණාකරණය අලුත් වෘත්තිය විෂයක් ලෙස හඳුන්වා දීම මඟින් කසළ කළමනාකරණය පිළිබඳ සමාජ අවබෝධයක් ලබා දීම සහ රැකියා අවස්ථාව නිර්මාණය කිරීම සිදු කළ  හැකි බව ඇය  සඳහන් කළාය. 



අදහස් (0)

කසල කළමනාකරණය ගැන පාසල් වලත් උගන්වන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 112 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 955 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2561 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site