IMG-LOGO

කොස්ලන්දට අධි ශීතකරණයක් නැතුව බෑ

කොස්ලන්ද මීරියබැද්ද නායගිය ස්ථානයේ වැළලී ගිය මිනිස් සිරුරු ගොඩගත් පසු ඒවා නිවැරදිව හඳුනාගැනීමේ ක්‍රමවේදය සඳහා අධි ශීතකරණ පහසුකම් අවශ්‍යව ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය එච්.ටී.කේ.විජේවීර මහතා පවසයි. එම ස්ථානයෙන් ගොඩගන්නා සිරුරු හා සිරුරු කොටස් නරක්වී ඇතැයි ද වෛද්‍යවරයා කියයි. එම සිරුරු හා සිරුරු කොටස් පිරිසිදු කර පුද්ගල අනන්‍යතාව සොයාගැනීම සඳහා ඒවා ගබඩා කිරීමේ අවශ්‍යතාවක් පැණ නැගී ඇත. කොස්ලන්ද රෝහලේ මේ සඳහා අවශ්‍ය ශීතකරණ පහසුකම් නොමැති බවත් ශීතකරණ පහසුකම් ඇති බදුල්ල රෝහලට ඇති අධික දුර හේතුවෙන් එහි ගබඩා කිරීම අපහසු බවත් අධිකරණ වෛද්‍යවරු කියති.

ගොඩගන්නා සිරුරු හා සිරුරු කොටස් ගබඩා කිරීමට අධි ශීතකරණයක අවශ්‍යතාව තිබෙන බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමුකරන මෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය විජේවීර මහතා ඉල්ලා සිටියි.



අදහස් (0)

කොස්ලන්දට අධි ශීතකරණයක් නැතුව බෑ

ධම්ම Sunday, 02 November 2014 06:26 AM

ආපදා කළමනාකරණ ඇමතිතුමා කියනවා කොස්ලන්දට ආධාර අවශ්‍ය නැහැ රජයට ඒ සඳහා ඇති තරම් මුදල් තිබෙනවා කියා.(නදී)

:       0       0

චමල් Sunday, 02 November 2014 06:32 AM

මොකටද පරිත්‍යාගශීලින්. ආණ්ඩුව ඉන්නේ එ්කට තමයි. අපි ආණ්ඩුවට ඔය වගේ දේවල් වලට සල්ලි පරිත්‍යාග කරලා තියෙන්නේ ඕන තරම් බදු විදියට. (නදී)

:       0       0

සෑම් Sunday, 02 November 2014 08:33 AM

ඇයි ආපදා කළමනාකරණ ඇමති කිව්වා නේද රජයට ඕනෑ තරම් මුදල් තියනවා, කිසිම දේශීය හෝ විදේශීය ආධාරයක් අවශ්‍ය නැහැයි කියලා??(දිල්)

:       0       0

සත්‍යපාල Sunday, 02 November 2014 08:59 AM

අනේ ඒ අයගේ බොරු පුචානම්. ඇත්තටම මේ වගේ අවස්තාවක ප්‍රයෝජනයට ගන්න ජංගම මෝචරියක් තියෙන්න ඕනා. (නදී)

:       0       0

උපාලි රංජිත් අරුප්පොල Sunday, 02 November 2014 09:00 AM

අපේ රටේ ඇමති මහත්වරුන්ට හොද බුද්ධියක් තියනවා. අපිනේ පත් කළේ. (නදී)

:       0       0

විපුල Monday, 03 November 2014 03:40 AM

මෝචරියේ අවශ්‍යතාවය රජය විසදයි (නදී)

:       0       0

කලීල් බංඩාරවෙල Sunday, 02 November 2014 12:26 PM

ඔක්කොම තව සතියකින් ඉවරයි. තව ටික දවසකින් ඔය සුදු ඇදගෙන ආවා අය කිසි දෙයක් උනේ නැහැ වගේ ඉදීවි (නදී)

:       0       0

ගිහාන් Monday, 03 November 2014 05:45 AM

ඇයි මහා ලොකුවට කිව්වා නේද ජාත්‍යන්තර ආධාර ඕන නැහැ කියල . මහන්තත්තකම පැත්තකට දැම්ම නම් වෙන රටකින් මෙලහටත් ශීතකරණ එවලා. දැන් අර අසරණ මිනිස්සුන්ට ලැබෙන්නේ සීල් තියපු පෙට්ටි ටිකක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1757 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 573 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 665 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site