(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ ජාතික ආරක්ෂාව සහ ජාතිවාද කෝලාහල සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශයකින් කිසිම තොරතුරක් ලැබී නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය.
මෙය තමා ප්‍රකාශ කරන්නේ වගකීමෙන් බවද ඔහු සඳහන් කළේය.
තෙන්නකෝන් මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
විවිධ කට කතා, ෆේස්බුක් පණිවිඩවලට උත්තර දිදී ඉන්න බැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු දක්වනවා. රටේ සමහර තැන් වල සමහර කණ්ඩායම් දේශපාලනික උත්තේජනය උඩ මේ රටේ ජාතිවාදී කලබල හා කෝලාහල ඇති කිරීමට විවිධ උත්සාහ ගන්න බව අපිට පැහැදිලිව නිරීක්ෂණය වනවා. ඒ කණ්ඩායම් ගැන රජයේ ආරක්ෂක අංශ රජය අවධානය යොමු කරලා තියෙනවා. මුලතිව් ප්‍රදේශයේ ඇන්තනී ජෙගනාදන් නැමැති පුද්ගලයකු කුරින්දි පුරාවිද්‍යා භූමිය ගැන විශේෂ අවධානය යොමු කරන කෙනෙක්. කතෝලික බැතිමතෙක්.ඔහුට මෙතන තියෙන ප්‍රශ්නය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔහු මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න විශේෂ උත්සාහයක් ගන්න බව පේනවා.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිසිම බුද්ධි තොරතුරක් ලැබී නෑ
swene Thursday, 24 August 2023 11:04 PM
පෙලපාලිවලදී පොලිසිය හැසිරුනේ ඔය කියන විධියේ තර්ජන තිබෙන විධියට