IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

ඔබේසේකරපුර රාජගිරිය වජිර මාවතේ පිහිටි නිවසක් තුළකසිප්පු පෙවීමේ නිරතව සිටි බව කියන කොළඹ වරාය නගරයේ වැඩ පරීක්ෂකවරුන් ලෙස සේවය කරන චීන ජාතිකයින් දෙදෙනෙකුවැලිකඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (19) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

කසිප්පු පෙරීමේ උපකරණ කසිප්පු පෙරීමට පදම් කරන ලදගොඩා ලීටර් 250 ක්, කසිප්පු  600ක්සහ කසිප්පු පෙරීමට යොදාගත් උපකරණ රැසක් දමෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් දෙදෙනා 41 සහ 46 හැවිරිදි වියේ පසුවෙති

මෙම සැකකාර චීන ජාතිකයින් දෙදෙනාකොළඹ වරාය නගරයේ වැඩ පරීක්ෂකවරුන් ලෙස සේවය කරන අතර මොවුන් කුලී පදනම මත මෙම නිවස ලබාගෙන තිබිණි යැයි පොලිසිය කියයි.

ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

වැලිකඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර චීන ජාතිකයින් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

අත්අඩංගුවට ගත් සැකකාර චීන ජාතිකයින් දෙදෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය සඳහන් කරයි.



අදහස් (4)

කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙක් මාට්ටු

Dayana Friday, 20 October 2023 02:04 PM

ගෙදර තමන්ගේ අවශ්‍යතාවට පෙර ගත්තාම කිසිම වැරැද්දක් නෑ.

:       2       8

නිමල්සිරි Friday, 20 October 2023 02:26 PM

ඔය දෙන්නා කවදා හෝ තමන්ගේ රටට ගියාම කසිප්පු පෙරනවා කියලා කියන්න පුළුවන්... ඉතින් ඊට පස්සේ ඒවා සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගනීවි. අන්තිමේ අපේ කොතල හිඹුටු අපිට අහිමි වුණා වගේ ගමේ මිනිස්සු මෙතෙක් ආදායමක් ගත්තු කසිප්පු ටිකටත් චීනාගෙන් බලපත්‍රය ගන්න වේවි. ඊට ඉස්සෙල්ලා ඩයනා ගමගේ කියපූ දේ කළොත් හොඳයි කියලා හිතෙනවා.

:       4       7

බද්රානි Friday, 20 October 2023 03:14 PM

චීන මහත්වරුනි, ඔය දැන් දාන ගෙම්බර් තව ටික කාලෙකින් නැතිව යනවා. එතකොට චීන ආණ්ඩුවේ නීතිය අනුව, අරක්කු ටිකක් පෙරා ගත්තාම ඔවුන් නඩු දමන්නේත් නැහැ. අනික ලංකාවේ අමන අධම පාලකයින් වගේ නෙමේ, චීන පාලකයින් පාලනය කරද්දී තත්වය වෙනස්, එතකොට අඩු මුදලට විස්කි, වයින් බොන්න තියෙද්දී ආයේ මොකටද කසිප්පු පෙරන්නේ... අපි චීනයට ණය ගැතියි... මේ රටේ අය අපිව චීනෙට උකස් කළා.. කවුරු නොපිලි ගත්තත්, හිඟන අපි දැන් චීන යටත් වැසියෝ..

:       0       8

Bamunuarachchi Saturday, 21 October 2023 05:36 AM

මේ ගොල්ලෝ ගෙම්බෝ, ගැරඬින්ට කැමැති නිසා බඩු සුපිරි වෙන්න ඇති. මගේ බඩුවල තිබෙන්නේ රටඉඳි සීනි විතරයි. හැබැයි දෙවරක් පෙරන ලද බඩු මගේ පාවිච්චියට පමණයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site