IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොස්තාපල් ගංජා අයිස් සමඟ මාට්ටු

(ප්‍රසාද් රුක්මල් ) 

රිදීමාලියද්ද පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ගංජා සහඅයිස් මත්ද්‍රව්‍ය සමග ගල්පෝරුයාය ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණ  පදියතලාව පාර පදිංචි රිදීමාලියද්ද පොලිසියට අනියුක්තව සේවය කල 31 හැවිරිදි පොලිස් කොස්තාපලවරයකු යැයි පොලිසිය කීය .

මොහු කලක් මානසික රෝගි තත්ත්වයකින් පෙලෙමින් සිට ප්‍රතිකාර ලබා පසුගිය 7වන දින නිවසට පැමිණ ඇති අතර මොහු ගල්පෝරුයාය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ගංජා සහ අයිස්  මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටියදී ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .

මෙම පොලිස් කොස්තාපලවරයා  මීටපෙර  වාකරේ පොලිසිය ට අනියුක්තව රාජකාරි කටයුතු කරමින් සිටියදී 2023 වසරේදී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 2ක් සහ ගංජා පැකට්ටුවක් සන්තකයේ තබා ගෙන සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් ව පසුව 2024 වසරේදී යලි සේවයේ පිහිටුවා වාලච්චේන පොලිසිය ට අනියුක්තව රාජකාරි කටයුතු සිදු කර ඇතැයි පොලිසිය පැවසීය .

 



අදහස් (0)

කොස්තාපල් ගංජා අයිස් සමඟ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site