(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර නගර සභා ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළි භූමියකදී ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට වාචික ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.
කොස්තාපල්වරිය සැණකෙළි භූමියේ පොලිස් නිල ඇඳුමෙන් රාජකාරී කරමින් සිටියදී සැකකරුවන් එලෙස වාචික ලිංගික අතවර කර තිබූ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
සැකකරුවන්ගේ වාචික ලිංගික අතවරය සම්බන්ධයෙන් කොස්තාපල්වරිය කරන ලද පැමිණිල්ලක් අනුව වහා ක්‍රියාත්මක වූ රාජකාරිය යෙදී සිටි සෙසු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් වාද්දුව මොල්ලිගොඩ , වස්කඩුව කුඩා වස්කඩුව , වාත්තුව මොල්ලිගොඩ හා වාද්දුව පොහොද්දරමුල්ල පදිංචි වයස අවුරුදු 26 හා 30 අතර පසුවන්නන්ය
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොස්තාපල්වරියට වාචිකව ලිංගික හිරිහැර කළැයි හතරක් අල්ලයි
රංබොඩ Friday, 29 December 2023 02:28 PM
මොවුන්ට දඬුවම් දිය යුත්තේ සමාජයටද දැනෙන විදිහටයි. නිල ඇඳුමින් සිටිය නිලධාරිනියෙකුට මෙසේ උසුලු විසුලු කිරීම සමස්ථ සමාජයේම පිරිහීම පිළිඹිබු කරයි. පාසල් සිසුවා, විශ්ව විද්‍යාල සිසුවාගේ සිටම විනය පිරිහී ඇත.
YakamahaththeyaSaturday, 30 December 2023 10:46 AM
හරියට හරි... ජනාකීර්ණ නගරයක හෝ සති පොළකදී සැකකරුවන් ජනතාවට ප්‍රදර්ශනය කර අන්තිමේ නමගම, දෙමාපියන්ගේ විස්තර කියා නැවතත් මෙහෙම දේවල් නොකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශකර දණින් වැටී වැඳ සමාව ගැනීමට නියම කරන්න ඕනෑ කෙනෙකුට කියන්න පුළුවන් ඉතාමත් අමානුෂිකයි. නැත්නම් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා... ඒත් වර්තමානයේ ලංකාව පවතින සමස්ථ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වීමට හේතුවක් වෙන මෙවැනි අසමච්ජාති ක්‍රියාවන් නවතන්න වෙනත් ක්‍රමයක් නැහැ...
Indika Friday, 29 December 2023 02:44 PM
ලාච්චුවේ දාන්න ඕනෑ...
ගුරුදෙගුරු Saturday, 30 December 2023 04:09 PM
දැන් ඉන්න තරුණ කොල්ලෝ මොකුන්ද මන්දා... කිසිම හැදියාවක් නෑ. කෙල්ලොත් එකයි, කොල්ලොත් එකයි. හැදියාව අන්තිමයි. විභාග පාස් කරන්න විතරනේ මේ රටේ අධ්‍යාපනය තියෙන්නේ හැදියාව කියන්නේ මොකද්ද දන්නේ නෑ. දෙමව්පියොත් මේවාට වගකියන්න ඕනේ...!